බුද්ධිමතා සහ තක්කඩියා

දවස් කීපයකට කලින් මිතුරෙක් එක්ක කතාබහක් ඇති වුනා බුද්ධිමතා කියන වචනයෙන් මොන වගේ කෙනෙක්වද හඳුන්වන්න පුළුවන් කියල.

මිත්‍රයට අනුව ඔහුගේ දෙමාපියන් බුද්ධිමත්. ඒ කතාවෙන් පස්සෙයි මේ ගැන කතාබහ ඇති වුනේ. මිතුරගේ අදහස වුනේ ඔහුගේ මාපියන් සමාජය තේරුම් අරගෙන ජීවිතය තුළ එදිනෙදා ගන්න තීරණ, ගහන ගේම්ස් මාර බවයි. මෝ-ඩ මනසක් තියෙන කෙනෙකුට ඒවා එහෙම කරන්න බැරි බවයි. ඒ අර්ථයෙන් ඔහුගේ අදහස වුනේ හි-ට්-ල-ර් පවා බුද්ධිමත් මිනිහෙක් කියන එකයි.

ඒ අවස්ථාව අපි හතර දෙනෙක් බෝතල් දෙකකුයි බියර් හතරකුයි අවසන් කරමින් හිටිය නිසා වෙන්න පුළුවන් සමහර විට, එවෙලේ මම පිළිගත්තා මිතුරාගෙ අදහස. ඒකට මට ප්‍රතිතර්කයක් ආවෙම නැහැ. මොකද හි-ට්-ල-ර් මෝ-ඩ-යෙ-ක් නෙමේනෙ. මම මිතුරට ස්තූති කලා මගේ අදහසක් වෙනස් කරන්න උදව් වුන එක ගැන. (කොහොමත් බීලා කරන දාර්ශනික සංවාද අපරාදෙ. නමුත් අපිට තියෙන ප්‍රශ්නෙ ඕකයි. බොන්නෙ නැතුව මේ වගේ දේවල් ගැන කතාබහ කරන්න හිතෙන්නෙම නැහැ. බොද්දි බීලා විතරක් මදි, නාන්නම ඕනෙ).

කොහොම හරි ඊට පස්සෙ දවස් දෙකතුනක් යනකල්ම මේ අදහස මගේ හිතේ හොල්මන් කලා. මොකද අර මිත්‍රයගෙ දෙමව්පියන් එක්ක මම දවසක් ආගම ගැන පොඩි කතාබහක් කරල තිබුනා. සෑහෙන අතාර්කික හෙවත් ගො-ං අදහස් තමා තිබුනේ සුපුරුදු පරිදි. ඒ නිසා ඔවුන් දෙන්නා වගේ මිනිස්සුන්ට එතකොට බුද්ධිමත් කියන්නෙ, එහෙම කියන්න බෑ නෙ වගේ හැඟීමකුයි හිතේ තිබුනෙ.

නමුත් මේ ගැන අද මට මේ වගේ අදහසක් ආවා.

හි-ට්-ල-ර් වගේ කෙනෙක් බුද්ධිමත් (wise) කියල හඳුන්වන්න බැහැ. එයා හඳුන්වන්න පුළුවන් clever (දක්ෂ?/tactical) වගේ වචනයකින්. මොකද හි-ට්-ල-ර්, රවී කරුණානායක, දේශපාලකයන්ට කඩේ යන අය, බිස්නස් ලෝකෙ ගේම් ගහල ඉනිමග නගින අය, ජීවිතය දිනන්න හදන මධ්‍යම පාන්තිකයො වගේ අය ගත්තම ඔවුන්ට ගැලපෙන්නෙ බුද්ධිමත් කියන වචනයට වඩා තක්කඩි වගේ වචනයක්. ඒකෙන් ජයගන්නව කියල හඳුන්වන අයට දක්ෂයො කියන්න පුළුවන්.

අනෙකාව තමන්ගේ අරමුණු කරා නම්මවාගෙන, පොළඹවාගෙන, රවට්ටගෙන ගෙනියන මිනිස්සු. ඒකෙන් අනෙකා සහ සමාජයට ඇති වන ප්‍රතිඵල ගැන වගක් නැහැ (කලින් සටහනේ කිව්ව සමාජීය සයිකොපැත්ලා). එහෙම නැත්නම් ඒවයින් වෙන බලපෑම ගැන සාධාරණ විමසීමක් තමන් තුළම කරගන්න තරම් උවමනාවක්, හැකියාවක් නැහැ (ඒ කියන්නෙ තමන්වම රවට්ටගත්ත ලෝක දැක්මක උරුමකාරයෙක්).

ගොඩක් බුද්ධිමත් මිනිස්සු දක්ෂ (clever) නැහැ, ඒකෙ ප්‍රතිවිරුද්ධ තැනකයි ප්ලේස් වෙන්නෙ. ගොඩක් බුද්ධිමත් අවංක මිනිස්සු ජීවිත ගෙවන්නේ නාථ අනාථ වෙලා. මොකද ඒ බුද්ධිමත් දැක්මෙන් හදාගන්න ප්‍රතිපත්ති නිසා ඌට තක්කඩියෙක් වෙන්න තියෙන නිදහස හෘද සාක්ෂිය විසින් සීමා කරන නිසා.

ගොඩක් clever මිනිස්සුන්ට අනුව බුද්ධිමතුන් ප්ලේස් වෙන්න නියමිත ‘මෝ-ඩ-යො’ වගේ තැනක. මොකද clever මිනිහට අනුව බුද්ධිමතුන් ප්‍රැක්ටිකල් නැහැ. ඔවුන්ට ගේම ගහගන්න බැහැ.

අවාසනාවට අපි පවත්වාගෙන මිනිස් සමාජයේ දේශපාලන බලයත් ඊට ඉහළින් තියෙන ධනය විසින් අයිති කරගන්න බලයත් ‍රැඳෙන්නේ සමාජයේ ඉන්න ඔය කිව්ව දක්ෂම/තක්කඩිම කාණ්ඩය අතේ. දැන් අපි ජීවත් වෙන්නේ අවංක මිනිහා මෝ-ඩ-යා වෙන, පවතින සිස්ටම් එකේ අසාධාරණකම් පිළිනොගෙන ඒකෙන් ඈත් වෙන්න උත්සාහ කරන මිනිහා කා-ල-ක-ණ්-ණි-යා කියල හංවඩු ගැහෙන, අනිත් පැත්තට තම සහෘද මනුස්සයා එක්ක තරඟ කරල හොඳින් හරි නරකින් හරි ගේම ගහල උඩට යන මිනිහාව දක්ෂයෙක් කියල අගය කෙරෙන සමාජ ක්‍රමයක. මේ ඔක්කොටම වඩා ලොකුම ගැටළුව තමයි මේ දක්ෂයො/තක්කඩි සුළුතරය අතට අනිත් අතිමහත් බහුතර (පරාජිත?) ජනතාවගේ ජීවිත වල ස්වභාවය තීරණය කරන්න තීරක බලය ලැබෙන එක.

කොච්චර ගේම ගහලා ඉනිමගේ ඉහළට නැග්ගත්, බලය අතට ගත්තත්, තක්කඩියා සහ දක්ෂයා මොන නම් වලින් හැඳින්වුවත්, බුද්ධිමත් (wise) කියල නම් කියන්න බැහැ. (එහෙම වීම obviously ඔවුන්ට ගැටළුවකුත් නැහැ).

ඒ අර්ථයෙන් ගත්තම දේවාලයක් අටවන් ගම් ගානක් රවට්ටල බොරු සාස්තර කියන කපු මහත්තයත්, ප්‍රැක්ටිකල් බිස්නස් මයින්ඩ් එකක් තියෙන තමා යටතෙ වැඩ කරන මිනිස්සුන්ට මෙවලම් (objects) විදියට සලකන කම්පැනි CEO කාරයත් ප්ලේස් වෙන්නෙ එකම තැනක. ඒ දක්ෂ (clever) සහ තක්කඩියාගේ තැන.

බුද්ධිමත් (wise) කියල අපි හඳුනාගන්න ගතිගුණය කොහේ තිබුනත්, තියෙන්නේ එතන නම් නෙමේ. ඊට ගව් ගානක් දුරින්.
.
.

jamisbanda

3 responses to “බුද්ධිමතා සහ තක්කඩියා”

  1. එකඟ වෙන්න පුළුවන් පොස්ට් එකක්.
    එංගලන්තේ එහම් අයට කියන්නෙත් clever මිසක් wise නෙමෙයි. හැබැයි clever and crook කිවම වඩා හරි. අපට කවදාවත් හොඳ වෙළෙන්දෝ වෙන්න බැහැ . මොකද ඒකට clever වෙන්නත් ඕනේ ටිකක් crook වෙන්නත් ඕනේ. හැබැයි wise ද කියල නම් දන්නේ නැහැ, ඩිග්රි තියෙන නිසා උගත් ගොඩට වැටෙනවා ඇති

    Liked by 1 person

  2. 👌💙

    Liked by 1 person

ප්‍රතිචාර සඳහා: