දුර්ලභ සතුන් ඝාතනයේ අමුතු අවුල

කාලෙන් කාලෙට කොහෙ හරි දුර්ලභය කියල නම් කරල තියෙන සතෙක් මැරෙනවා, හෝ මරනවා. සියල්ලෝ කම්පා වෙනව.

සමහරු ඒ කම්පා වීම සහ කම්පා වන්නන්ගේ ආහාර රටා වල පරස්පරවිරෝදී බව පෙන්නුම් කරමින් ඒ ගැන ප්‍රශ්න කරනවා.

එහෙම කලාම කම්පා වන්නන්ට ටිකක් කේන්ති යනවා. සාධාරණයි. මිනිස්සුනෙ.

ඒත් ඒ ප්‍රශ්න කිරීමට සාධාරණ පිළිතුරක් ලැබෙන්නෙ නෑ. ලැබෙන්නෙ නැත්තෙ සාධාරණ පිළිතුරක් නැති නිසා. නැත්නම් මොනව කරන්නද?

සමහරු ඒ ප්‍රශ්න කිරීම් ඉදිරියේ සදාචාරයේ (හොඳ/නරක හෙවත් morality) මූලයන් වෙතම පසුබැහැලා මේවා පැහැදිලි කිරීම හරිම සංකීර්ණ වැඩියි කියනව. තවත් සමහරු කම්පාවට හේතුව සතා දුර්ලභ වීම කියලත් කියනවා.

දෙකම අසාර්ථක සාධාරණීයකරනය කිරීම්.

මේ පරස්පර විරෝධී හැසිරීමේ පරස්පරවිරෝධී බව තේරුම් ගන්නත් එක තැනක වැරැද්දක් තියෙනව කියන එක වටහාගන්නත් සදාචාරයේ මූලයන් ගැන කතිකාවත වෙත පසුබසින්න ඕන නැහැ. එදිනෙදා අපි පාවිච්චි කරන සදාචාරයේ සම්මුතීන් වලින් මේවායේ අවුල සරලවම තේරුම් ගන්න පුළුවන්. ඉතා පහසුවෙන්.

ඔය විදියට සදාචාරයේ මූලයන් ගැන කතිකාව ඇදෙන්නෙ තමා අමාරුවෙ වැටුනම විතරයි. පන්සල් වල ළමා අපචාර ගැන කතා කරද්දි කවුරුත් ඒ දේ වැරදි වෙන්නෙ කොහොමද කියල බලන්න සදාචාරයේ මූලයන් වෙත පසුබසින්නෙ නෑ.

දෙවනි කරුණ, දුර්ලභ නිසයි කම්පාවෙන්නෙ කියන එක. ‍‍‍‍‍‍යම් සචේතනික ජීවියෙක් හෝ ජීවීන් කොටසක් මත වළැක්විය හැකිව තිබෙන දුක් වේදනා ඇති කිරීම (unnecessary/avoidable suffering) සාධාරණ හෝ අසාධාරණද කතිකාවතට දුර්ලභ බව කියන එක හොඳ තර්කයක් කියල හඳුන්වන්න බැහැ. මේ සටහන කියවන ඔබ සහ ඇමසන් වනාන්තරයේ ගෝත්‍රිකයෙක් ගත්තොත් දෙදෙනාගේ ජීවිත දෙකෙන් එකක් අනිකට වඩා වටින බව නිගමනය කල හැකිද එක පුද්ගලයෙක් අනෙකාට සාපේක්ෂව ‘දුර්ලභ’ යමකට අයත් කියල හඳුනාගන්න පුළුවන් නිසා? මේකට නිල් පාට ඇස් හෝ කැමති ගැලපෙන උදාහරණයක් දාලා හිතල බලන්න.

වසරකට බිලියන ගණනින් වැළැක්විය හැකි දුක්වේදනා සංහාරයක් සතුන් ගංගාවක් මත ඇති කිරීම සාධාරණීයකරනය කරන ගමන් කළු කොටියෙක් හරි දිවියෙක් හරි ඔලු දෙකේ ගෙම්බෙක් හරි අං තියෙන ඉබ්බෙක් හරි වෙනුවෙන් කම්පා වෙන එක ළමා අපචාරකයෙක් පොඩි අයගෙ කන් විදීම දැකල කම්පා වෙනව වගේ දෙයක්.

මේ කාරණා සදාචාරය (morality) සමඟ සම්බන්ධයක් නෑ. මොරල් කේස් එකක් මත ගොඬනොනැඟුන දෙයක් ඒකෙ මොරල් කන්ට්‍රඩික්ෂන්ස් පෙන්නලා බිඳදමන්න බැහැ. මේ කාරණා පදනම් වෙන්නෙ පුරුද්ද, සංස්කෘතිය මත.

ඌරන් සහ කුකුලන් කෑම අවුල් නොවෙන්නෙ ඒක අපේ ආහාර සංස්කෘතියෙ ප්‍රධානම අංගයක් නිසා. චීනයේ යුලින් වල බල්ලො මරද්දි දවල්ට කාපු කුකුල් මස් බඩේ තියාගෙන චීන්නුන්ට දෙස් දෙවොල් තියන්නෙ අපේ ආහාර සංස්කෘතියට අනුව බල්ලා කියන්නෙ කුකුලා වගේ කෑමක් නෙමේ ‘සතෙක්’ වන නිසා.

පුරුද්ද සහ සංස්කෘතිය!

කෙනෙක් යමක් කරන්නේ පුරුද්දට හෝ සංස්කෘතික කාරණයක් වශයෙන් නම් ඒකට තර්කානුකූල පදනමක් දෙන්න බැහැ.

සතුන් (මිනිසා ඇතුළු) කියන්නේ විඤ්ඤාණයන්ගෙන් යුත් (consciousness) තමන්ගෙ ජාන කොපි ගැහීම අරමුණු කරගත් මස් ගුළි විතරයි.

මේ මස් ගුළි අතර ඕන ඕන විදියකට ඉරි ගහගන්න පුළුවන්.

ගෑණු, පිරිමි, උස, කොට, සුදු, කළු, සිංහල,දෙමළ, මුස්ලිම්, බෞද්ධ, කතෝලික, මිනිසුන්, මිනිසුන් නොවම
නොවන.. මේ ඕන විදියකට ඉරිගහගන්න පුළුවන්, සහ ගොඩක් දෙනෙක් ඔය විදියට ඉරිගහගෙන ඉන්නෙ.

ඒත් ඒ ඉරිවලින් බෙදලා සදාචාරාත්මක රාමු (moral frameworks/moral communities) බෙදාගැනීමේ අවුලට ඉතිහාසය සාක්ෂි දරනව.

මේ විශ්වයේ පවතින භයානකම දෙය සහ සියලු සදාචාරාත්මක කතිකාවතකම පදනම වෙන්නෙ විඤ්ඤානයයි (consciousness), සචේතනික බවයි. හොඳ සහ නරක ගැන කතිකාවත කියන්නෙම සචේතනික ජීවීන්ගේ යහපැවැත්ම (well being) ගැන කතිකාවතයි.

ඉරි හෝ සීමාමායිම් තේරුමක් සහිත වෙන්නෙ හැඟීම් දැනීම් දැනීමේ හැකියාව මත එක අන්තයක වැඩියෙන්ම හැඟීම් දැනීම් හැකියාව ඇති සංකීර්ණ ජීවීනුත් (උදා- මිනිසා, ඩොල්ෆින්, අලියා, ඌරා) අනෙක් අන්තයෙ හැඟීම් දැනීම් සාපේක්ෂව අඩුවෙන් දැනෙන විදියට නිර්මාණය වුන ජීවීනුත් (උදා- පෙඳ පාසි, ශාක, කෘමීන්) තබල ඊට අනුව සදාචාරාත්මක වැදගත්කම ලැබෙන දැක්මකින් පමණයි.

ඒ සදාචාරාත්මක රාමුවේද පදනම විය යුත්තේ අනවශ්‍යය දුක් වේදනා වැළක්වීම (avoiding unnecessary suffering) සහ යහපැවැත්ම වැඩි කිරීම (maximizing well being) කියන පදනමයි.

ගලකට යකඩ කූරකින් කෙටීම සහ බලුපැටවෙකුට යකඩ කූරකින් කෙටීමේ වෙනස වටහා ගත හැක්කේ මේ අයුරිනුයි.

ආහාර සඳහා වෙනත් විකල්ප තිබියදී  සුදු පාට බල්ලන් ලක්ෂ ගණනක් මරන් කන ගමන් අහම්බෙන් මැරුන හෝ මැරුව කළුපාට බල්ලෙක් වෙනුවෙන් දුක් වෙනවා නම් ඌ දුර්ලභ නිසා, එතන හිනා නොයන විහිලුවකට එහා දෙයක් නැහැ.

5 Comments

  1. අපේ බුදුහාමුදුරුවෝ කාලාම සූත්‍රයේදි කියලා තියෙනවා.

    පුත කාලාමය මේ Jamis Banda වගේ අය එක එක තර්ක දාලා උඹව මඤ්ඤං කරන්න හදයි.
    ඒවට සැලෙන්ඩ එපා
    උඹ නලීන්ද සිල්වා, කාවන්තිස්ස ජනනායක වගේ විඤ්ඤූන් කියන දේ අහපං.
    කියලා.

    Like

Leave a Comment

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s