ජීවිතය, වෙනස් කිරීම

ජීවිතය කියන්නේ දෙන ලද, වෙනස් කරන්න බැරි පිටපතක් කියල කියන්න පුළුවන්ද? මුහුණු පොතේ මිතුරෙක් ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නයට මගේ උත්තරය කියනවා නම්, ඔව්. ජීවිතය සමස්ථයක් විදියට සලකපුවම අපිට වෙනස් කරන්න බැරි පිටපතක් තමයි. හැබැයි අපේ මනසේ තියෙනවනෙ ඉතාම දැඩිව ධනාත්මකව හිතන්න පතන්න පොළඹවන නැඹුරුවක් (optimism bias). ඒ නැඹුරුව නිසා සහ අපි ඉන්න තත්වයන් තුළ සැනසෙන්නContinue reading “ජීවිතය, වෙනස් කිරීම”

දශකයක් අනාගතයට ගොස් ඔබවම හමුවන්න | The End of History Illusion

මට මතකයි මගේ වයස පහළව-දහසය කාලයේ මට ලොකු Backstreet Boys පිස්සුවක් තිබුනා. ඒ කාලෙ මම බැක් ස්ට්‍රීට් ලව ඔලුව උඩ තියාගෙන ඇදහුවෙ නැති ටික විතරයි. AJ පිස්සුව කොච්චර වැදිල තිබ්බද කියනව නම්, ඌ වගේ කරාබු දාන්න, නියපොතු පාට කරන්න, රැවුල වවන්න බැරි එක ගැන මාර අප්සට් එකක් තිබුනේ. හිටපන්කො ඉස්කෝලෙන් අවුට් වෙලා අම්මලවත් බැලන්ස් කරගෙනContinue reading “දශකයක් අනාගතයට ගොස් ඔබවම හමුවන්න | The End of History Illusion”

ආදරය, සහකම්පනය සහ කරුණාව | Love, Empathy and Compassion

මගේ මිත්‍රයෙක් එක්ක කතාබහකදී මිත්‍රයා හෙළිකලා ඔහුගේ විශ්වයම ගොඬනැඟෙන්නේ ආදරය මත කියන එක. ඔහු කියන්නේ මිනිස් සංහතියම ආදරය මුල් කරගෙන පැවතිය යුතු බවයි. ඒ මතය ගැන කල්පනා කරල බැලුවම මට හිතුනේ ඒක ගොඩක් සුන්දර අදහසක් වුනාට අපි එදිනෙදා සමාජයේ හමුවෙන දහසක් නන්නාඳුනන මිනිසුන්ට ආදරයෙන් සලකන එක ප්‍රායෝගික නැහැ වගේ හැඟීමක්. නමුත් මං හිතන විදියට බොහෝContinue reading “ආදරය, සහකම්පනය සහ කරුණාව | Love, Empathy and Compassion”

දරුවන්ට සම-නො-සැලකිල්ල

තමන්ගේ දරුවන් සියල්ලන්ට තමා එක හා සමානව ආදරය කරන බව අනෙක් අයට කීමටත් තමන්ටම තහවුරු කර ගැනීමටත් අප සැම කැමැත්තෙමු. නමුත් එහි සත්‍යයතාවයක් නොමැති බවත් එය අප විසින් අපවම රවටා ගැනීමට අපටම කියාගන්නා ලස්සන බොරුවක් බවත් අවංකව සිතා බලන්නට සූදානම් කෙනෙකුට තරමක් අපහසුවෙන් වුවද තේරුම් ගැනීමට හැකි යැයි සිතමි. “මම මගේ දරුවො ඔක්කොටම එක වගේContinue reading “දරුවන්ට සම-නො-සැලකිල්ල”

බෞද්ධකම ගැන ආඩම්බර වීම

කෙනෙක් තමන් බෞද්ධයෙක් වීම ගැන ආඩම්බර වෙන්නේ කොහොමද? මා අසා ඇති අන්දමට බෞද්ධාගමේ මූලික අරමුණ වන්නේම පුද්ගලයාගේ මමත්වය නැති කිරීමය. මා දන්නා තරමින් ආඩම්බර වීම තරම් මමත්වය වැඩි කරවන තවත් මිනිස් හැඟීමක් නැති තරම් ය. ඉතින්, කෙනෙක් තමන්ගේ බෞද්ධකම ගැන ආඩම්බර වෙයි නම් එහි ඇත්තේ පරස්පරවිරෝදී බවකි. එය හරියට යම් කෙනෙක් තමන්ව මස් කන වෙජිටේරියන්Continue reading “බෞද්ධකම ගැන ආඩම්බර වීම”

නීතිය සියල්ලන්ට සමානය

ඔබ රැකියාව කරන්නේ සිල්ලර කඩයක කියා සිතන්න. නැත්නම් යම් පුද්ගලික ආයතනයක කියා සිතන්න. ඔබ රැකියාව කරන අතරතුර යම් දිනකදී ඔබගේ නොසැලකිල්ල නිසා හෝ ඔබ ගත් තීරණයක් වැරදී යාම නිසා ඔබ රැකියාව කරන සිල්ලර කඩයට හෝ ආයතනයට රුපියල් දහදාහක, පනස්දාහක, ලක්ෂයක, ලක්ෂ පහක පාඩුවක් වුනා කියා උපකල්පනය කරන්න. එසේ වුනා නම් කුමක් සිදුවනු ඇත්ද? එසේ නම්Continue reading “නීතිය සියල්ලන්ට සමානය”

මිනීමස්, නොමිනිස් මස්, ජෙෆ්‍රි ඩාමර් සහ අපි

ජෙෆ්‍රි ඩාමර් කියන්නේ අසූව දශකයේ ඇමරිකාවේ විසූ දාම ඝාතකයෙක්. තමන් විසින් 1978 සිට 1991 දක්වා වසර දහ තුනක කාලයක් පුරා තරුණයන් දහ හත් දෙනෙකු ඝාතනය කලා යැයි පසුව ඔහු පාපොච්චාරණය කරනවා. මේ තරුණයන්ගෙන් සමහරුන්ව කපා කොටා ඝාතනය කල ඩාමර් ඔවුන්ගේ ශරීර කොටස් – අත, පය, හිස – වෙන් කොට ශීතකරණයක ගබඩා කොට තබාගෙන තිබෙනවා. ඒContinue reading “මිනීමස්, නොමිනිස් මස්, ජෙෆ්‍රි ඩාමර් සහ අපි”

ලෝක යථාර්තය අවබෝධ කරගන්න තරම් බුද්ධිමත් දුප්පත් පවුල් වල කොලු ගැටව්

උසාවි දාන භික්ශූන් වැඩිම පිරිසක් ලමා අපයෝජන චූදිතයන්. ඒකෙනුත් වැඩියෙන්ම තමන්ගේම පොඩිනමවල් අපචාරයට ලක් වූ චෝදනා, සැ යු – පහත සටහනේ ආවේගශීලි වචන භාවිතයක් අඩංගුය. “පොඩි දරුවෙක් කැමති වුන පළියට ඒ පොඩි එකාට අරක්කු බොන්න බෑලු… කසාද බඳින්න බෑලු… යුද්ධෙට යන්න බෑලු… වාහන එලවන්න බෑලු… හවස හයෙන් පස්සෙ තනියෙම පාරෙ යන්න බෑලු… කෙල්ලෙක් එක්ක යාලුContinue reading “ලෝක යථාර්තය අවබෝධ කරගන්න තරම් බුද්ධිමත් දුප්පත් පවුල් වල කොලු ගැටව්”

ජනතාවගේ ටීවී චැනල්

මාධ්‍යය ආයතන විසින් තමන්ව හඳුන්වා ගන්නෙ මහ ජනතාවගේ හඬ විදියට. ඔවුන් කියාගන්නා පරිදි ඔවුන් ජනතාවගේ සුභ සිද්ධිය අරමුණු කරගෙන ජනතාවට සේවය කරනවා ජනතාවට තොරතුරු ලබා දීම සහ ජනතාව දැනුවත් කිරීම හරහා. “ශ්‍රී ලංකාවේ අංක එකේ විශ්වසනීයම ප්‍රවෘත්ති විකාශය” “People’s channel” “සත්‍යයයේ සටහන බුද්ධියේ විමසුමට” සාමාන්‍යයෙන් රටක ජනතාව දේශපාලන දැනුමෙන් සම්බුද්ධික වෙන්නෙත්, නව තොරතුරු සොයාගෙන යන්නContinue reading “ජනතාවගේ ටීවී චැනල්”

බයි වහලුන් එක්ක දේශපාලනය කතා කරන්න අමාරු ඇයි?

මගේ නගා රාජපක්ෂ දේශපාලනය වන්දනා කරන කෙනෙක්. එයා එක්ක දේශපාලනය කතා කරල මම ඉගෙන ගත්‍ත දෙයක් තියෙනව. ඒ තමා මම නගා එක්ක කතා කරන්න දන්නෙ නැහැයි කියන කාරණය. එයා එක්ක දේශපාලනය කතා කරද්දි මම ගොළු වෙනව. ගොඩක් වෙලාවට මට කට උත්තර නැති වෙනව. ඕනම පුද්ගලයො දෙන්නෙක් යමක් ගැන සාකච්ඡා කරනව නම් ඒ සාකච්ඡාව තේරුමක් තියෙනContinue reading “බයි වහලුන් එක්ක දේශපාලනය කතා කරන්න අමාරු ඇයි?”