දන්න දේකුත් නැති නොදන්න දේකුත් නැති; අපි!

දින කිහිපයකට කලින් නිවසට ආපු මිතුරියක් ඇගේ රාජකාරී ස්ථානයේදී ඇයට මුහුණ දෙන්න වෙලා තියෙන අපහසුතාවයක් ගැන විස්තරයක් අප එක්ක බෙදා ගත්තා. ඇය අපත් සමඟ කිව්වේ ඇය වාර්තාකරන ඉහළ නිළධාරිනිය (බොස්/බොසී?) ඇයව කැඳවා ඇගේ ගවුම් වල දිග කොට ගැනත්, විවේක කාලයන් වලදී ඇය පිරිමි ළමුන් හා තේ බීමට යාම ගැනත් ඇයට උපදෙස් දීමට පටන් ගත් බවයි.Continue reading “දන්න දේකුත් නැති නොදන්න දේකුත් නැති; අපි!”

මහවිරුවා සහ රණවිරුවා

-මහවිරුවා වගේම රණවිරුවා කියන්නේත් තක්කඩි වචන- සෙබළු කියන්නෙ කවුද? යුද්ධයට අදාලව ගත්තොත්, මට හිතෙන විදියට සෙබළු කියන්නෙ අපේම පව් කරගහන්න වෙච්චි අසරණයො. නැති බැරි කමට. අහිංසක දුප්පත් මිනිස්සුන්ගෙ පවුල් වල ඉපදිච්ච අසරණ කොල්ලො. මම වගේම ආශාවල්, බලාපොරොත්තු, හීන තිබ්බ උන්. මගෙයි උන්ගෙයි වෙනස මොකක්ද? මට ජීවිතයක් තිබ්බා. අනාගතයක් තිබ්බා. අහිමි වෙන්න දේවල් තිබ්බා. වාසනාවට ජීවත්Continue reading “මහවිරුවා සහ රණවිරුවා”

ආගම ; මෝඩයන් බෝ කිරීම

ආගම කියන්නේ අතාර්කිකත්වයයි. බුද්ධිමය අවබෝධය වෙනුවට බිය මුල් කරගෙන ක්‍රියාකිරීම යෝජනා කරන ක්‍රමයකටයි. සාක්ෂි සාධක වලට ගරු කිරීම සහ බුද්ධිමය විමසුම වෙනුවට තමා නිවැරදි බව කොන්දේසි විරහිතව විශ්වාස කරන්නට පුහුණු කරන චින්තනයයි. පවතිනවාදැයි නොදත් පරලොව පැවැත්මකට පරම වැදගත්කම ලබාදී මෙලොව ජීවිතය දෙවැනිකොට දැමීමයි. කටුක සත්‍යයන් වලට මුහුණ දීමට හැකි මිනිසෙක් වෙනුවට සහනදායී මිත්‍යාවන් පසුපස දුවනාContinue reading “ආගම ; මෝඩයන් බෝ කිරීම”

නාඩගම්කාරයෝ : හාමුදුරුවෝ සහ S.K. සිරිසේන

නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ මගේ වැඩියෙන්ම සිත් ගත්ත චරිත දෙකක් තියෙනව. පන්සලේ හාමුදුරුවො: මුලින්ම මම හාමුදුරුවන්ගේ චරිතයට ආස වුනේ එක සිද්ධියක් නිසා. සරා ඇතුළු ගැන්සිය තමන්ගේ වාඩියට ගිණිතිබ්බේ හාමුදුරුවන්‍ ය කියල හිතල පන්සලට ඇවිත් හාමුදුරුවන්ට බැනගෙන බැනගෙන යනව. හාමුදුරුවො ඒ ඔක්කොම උපේක්ෂාවෙන් අහන් ඉන්නව. පැත්තක හිටිය ලේකම් මහත්තයා අවලාද කියද්දි හාමුදුරුවො කියනව, ඒ අයගේ කේන්තිය මෙහෙම පිටContinue reading “නාඩගම්කාරයෝ : හාමුදුරුවෝ සහ S.K. සිරිසේන”

කාටවත් හානියක් නැති අහිංසක ගොං වැඩ!

මීට මාස කිහිපයකට විතර කලින් සයිබරයේ ශෙයාර් වෙලා තිබුනා ඡායාරූප එකතුවක්. ඒ ඡායාරූප එකතුවේ තිබුන දේ මතක විදියට කෙටියෙන් ලියනවා නම් මෙහෙමයි. සාමාන්‍යය විදියට පොල් තෙල් ලබා ගන්න ක්‍රමය වෙනුවට, මීට කලින් පොල් කඩල නැති (නොඉඳුල්) ගහක් හොයලා ඒකෙන් පොල් කඩාගෙන, පොල් උලකින් පොල් ලෙලි ගහනව වෙනුවට ලී උලකින් අර පොල් තොගය ලෙලි ගහල, හිරමනයකින්Continue reading “කාටවත් හානියක් නැති අහිංසක ගොං වැඩ!”

කම්පා වීම් සහ සිස්ටමැටික් ක්‍රයිම්ස්

දිනක් මට අපගේ ගමට එහා ගමේ සිදුවූ අනතුරක් ගැන ආරංචියක් අසන්න ලැබිණි. ඒ සිදුවීම මෙසේයි. අවුරුදු දහයක් වයසැති දියණියක් පාසැල් නිමවී පයින් පැමිණෙන අතරතුර ඇගේ නිවස පේන මානයේදී අනතුරකට පත්ව තිබේ. ඇයව යට කරගෙන ඇගේ හිස උඩින් ගිය වාහනය නතර වී තිබෙන්නේ අසල කඩයක් කඩාගෙන ගොසිනි. වාහනයේ රෝදය ඇයගේ හිස යටකරගෙන ඇයව හඳුනාගත නොහැකි තැනටContinue reading “කම්පා වීම් සහ සිස්ටමැටික් ක්‍රයිම්ස්”

වියතුන්ට රට බාර දෙමු(ද?)

වියතුන්, උගතුන් කියන්නෙ යම් විෂයක් ගැන වෘතිය දැනුමක් ලබා ගත් පිරිසක් නේද? එහෙම ලබා ගත් පමණින් කෙනෙක් බුද්ධිමත් මනුස්සයෙක්ය කියලවත්, සමාජ සුභසිද්ධිය ප්‍රාර්ථනා කරන සහකම්පනයෙන් යුත් පුද්ගලයෙක් කියලවත් කියවෙන්නෙ නෑ කියන එක පැහැදිලි කරන්නයි මේ සටහන ලියවෙන්නෙ. අධ්‍යාපනය කියන දේ දිහා අපි බලන්නෙ ධනාත්මක දෙයක් විදියට. ඒකෙ වරදක් නැහැ. මගෙ අදහස තමයි අධ්‍යාපනයෙන් සාර්ථක වුනත්Continue reading “වියතුන්ට රට බාර දෙමු(ද?)”

පාසැල්වාදයෙන් ඔබ්බට

මම ගරු කරන මිතුරෙක් පාසැල්වාදය ගැන මගේ අදහස ප්‍රශ්න කරන පණිවිඩයක් එවා තිබුනා. ඔහුට ප්‍රතිචාරයක් ලියාගෙන යද්දි ඒක හිතුවට වඩා දිග වෙන බව පෙනුන නිසා ලියපු දේ පබ්ලික් දාලා ලින්ක් එකම ඔහුට යවන්න තීරණය කලා. පහළ තියෙන්නේ ඒ සංවාදයයි. සංජය, සාමාන්‍ය පාඨකයෙක් විදිහට ඔයාගේ පෝස්ට් එකක් ගැන මගේ නිකන් අදහස. අර ඉස්කෝලේ ලාංඡනය පච්ච ගහගෙනContinue reading “පාසැල්වාදයෙන් ඔබ්බට”

බඩු සහ කුණු

මම කවදාවත් පිළිවෙලකට හිටිය කෙනෙක් නෙමෙයි. Order එකකට ජීවත් වීම කියන දේ මට කොහොමත් කරන්න ටිකක් අමාරු දෙයක්. මම හිතන්නෙ මේක මගෙ ජීවිතයෙ හැම පැත්තකම වගේ පැතිරිලා තියෙනව. මට දැනගන්න උවමනා යම් දෙයක් ගැන ඉගෙන ගැනීම ගත්තත් මා තුළ කැමැත්තක් නැහැ කවුරු හරි හදපු සිලබස් එකක් තවත් කවුරු හරි මට උගන්නනව ඉඳගෙන අහන් ඉඳල ඒContinue reading “බඩු සහ කුණු”

ණය බරේ මායාව

පිරිමියෙකුයි ගෑණියෙකුයි සංසර්ගය කරලා, මාස නවයකට පස්සෙ මේ ලෝකෙට දරුවෙක් ගෙනල්ලා දාලා, ඒ දරුවා අවුරුදු පහළවක් විස්සක් රැකබලා ගත්තාම ඒ දරුවා ඒ දරුවාගේ දෙමාපියන්ට ජීවිත කාලයටම ණයයි වගේ අදහසක් කවි, ගීත, සංස්කෘතිය වගේ දේවල් වලින් අපේ ඔලු වලට කාවද්දලා තියෙනව. මුළු සංසාර යුගය පුරාවට ගෙවන්න බැහැයි කියන මේ ‘ණය බර’ කියන්නේ මට අනුව නම් ඉතාමContinue reading “ණය බරේ මායාව”