දරුවා දාන්න හොඳ ඉන්ටර්නැෂනල් ස්කූල්ද? සාමාන්‍යය ඉස්කෝලෙකටද?

දරුවෙක්‍ට ඉගෙනගන්න ඉන්ටර්නැෂනල් ස්කූල්ද රජයේ පාසැල්ද වඩා හොඳ කියන එක ගැන බුකියේ සංවාදයක් යනවා. ඒ ගැන මට තියෙන්නෙ පොඩ්ඩක් වෙනස් විදියක අදහසක්.

මම ළමයි බිහි කරන්න දායක වෙන්නෙ නැති වුනාට මට ළමයෙක් හිටිය නම් ඉස්කෝලය තෝරාගැනීම ගැන කතාවෙදි මම මුලින්ම බලන්නෙ යම් ඉස්කෝලෙක සිසුන්ට දඬුවම් විදියට ගහනවද නැද්ද, ඔවුන්ට ලබා දෙන දඬුවම් ක්‍රම මොනවද, ගුරුවරුන් සිසුන් සමඟ ගනුදෙනු කරන්නේ කොහොමද කියන එකයි.

මොකද මට වැඩියෙන්ම වැදගත් වෙන්නෙ වෙන කිසිම දෙයක් නෙමේ, ළමයගේ ඉමෝෂනල් well being එක නිසා. ඒක තමා අංක එක.

අධ්‍යාපනයෙ කොලිටිය අරව මේවා වලට නම් මම ලොකු වැදගත්කමක් දෙන එකක් නැහැ. මොකද මට අනුව නම් මොන ඉස්කෝලෙකට දැම්මත් වෙන්නේ රාජ්‍යය අධ්‍යාපනයෙන් දරුවාව මොළ ශෝදනයට ලක් කිරීමයි අර කොටල පොවන මාගල් ටික ඔලුවට ඔබ්බවන එකයිනෙ. මට දරුවෙක් හිටිය නම් මම කොහොමත් කැමති නැහැ ඌ කවද හරි වැඩිහිටියෙක් වුනාම කොණ්ඩේ පැත්තට බෙදලා, ශර්ට් එක යට කරලා ටයි එකක් දාගෙන කාර් එකක වැඩට ගිහින් එතන ඌට පහලින් ඉන්න එකාලට දවසම අණ දීලා ඌට උඩින් ඉන්න එකාලට දවසම පු* දීලා හවසට උගේ තට්ටු දෙකේ ගෙදරට ඇවිත් ගෑණියි ළමයිනුයි එක්ක ටෙලිනාට්ටි බලලා නිදාගෙන ආපහු පහුවදාටත් ඒකම රිපීට් කරන බැංකුවෙ සල්ලි ගොඩගහගත්ත කිසිදාක උදාවෙන්නැති අනාගතයක් වෙනුවෙන් දුක් විඳින වර්තමානයක් නැති  බූරුවෙක් වෙනව දකින්න. (මගෙ කැමැත්ත ගැන කිව්වෙ. එහෙම බූරුවෙක් වෙන එක නම් උගෙ කැමැත්ත ඒක මට අදාල නෑ).

මට නම් ඔය තමාගෙ දරුවව පොරක් කියල එකෙක් කරන්න හදන එකම කුණුහරප කතාවක්.

ඊට වඩා මම ආසයි සමාජයේ මේන් ස්ට්‍රීම් ආකෘතිගත පඹයා වෙනව වෙනුවට, ගිටාර් ගගහා හරි, චිත්‍ර ඇඳ ඇඳ හරි, නවකථා ලිය ලිය හරි.. ඒ වගේ මොක කලත් කමක් නෑ, හිතන්න පුළුවන් මිනිහෙක් වෙනව නම් ඌ. වේල් තුන කාලා බේසික් අවශ්‍යයතා ටික ඉටු කරගෙන ඔලුව උඩින් වහලයක් තියෙන තැනක් ශේප් කරගන්න පුළුවන් වුනා නම් ඒ හොඳටම ඇති. (ඌ හිතන්න පුළුවන් එකෙක් නම් ඌට ඒක තේරුම් ගන්න මොළේ තියෙනවනෙ)

මොන ඉස්කෝලෙට ගියත්, හැම මොහොතෙම වටේ ඉන්න එවුන් එක්ක තරඟ කර කර, උන්ව පෙරළගෙන උන්ට වළකපාගෙන ජීවිතය දිනන්න හදන අර බූරු පඹයා බවට දරුවො පත් කරන්නනෙ අධ්‍යාපන ක්‍රමය කියන මල ඉලව්ව තියෙන්නෙ. නැතුව ස්වාධීනව හිතන්න පුළුවන් අනෙක් මනුස්සයා දිහා කාරුණික ඇහින් බලන සහකම්පනය දැනෙන හදවතක් නිර්මාණය කිරීම ඉලක්ක කරගත්ත අධ්‍යාපන ක්‍රමයක් නෙමෙයිනෙ මිනිස් ඉතිහාස ගමනේ වර්තමාන මොහොතේ තියන්නෙ.

ඉතින් ඒ නිසා අධ්‍යාපනයේ කොලිටිය අරව මේව නම් එච්චර අදාල වෙන එකක් නෑ. බේසික් පහසුකම් ටික තිබ්බ නම් ඇති.

මම අහල තියෙන විදියට ඉන්ටර්නැෂනල් ඉස්කෝල වල ළමයින්ට ගහන්නෙවත් හරක්ට වගේ සලකන්නෙවත් නෑ(ලු). ඒනිසා මගේ තේරීම ඒක.

හැබැයි මොන ඉස්කෝලෙක හරි ගුරුවරයෙක් ළමයට ගහල තිබ්බොත් එහෙම ශුවර් එකට පහුවදාට මම ඉස්කෝලෙට ගිහින් ඌව උස්සලා පොළවෙ ගහල තමයි නවතින්නෙ (ලිටරලි ගන්න එපා).

අනිත් දෙමව්පියන් තමන්ගෙ දරුවන්‍ට වෙනත් වැඩිහිටියො (මේ කාරණයෙදි නම් ගුරුවරු) හිංසා කරන එක ඉවසන්නෙ-නොදැක්කා සේ ඉන්නෙ කොහොමද කියන එක මට හිතා ගන්නවත් බැහැ…

8 Comments

  1. ඕක ඔය ලංකාවේ තියෙන සීන් එකක්නේ. දියුණු ධවාදී රටවල නැති. නැත්තේ මත් නැහැ. ඔයතරම් දරුණුවට නැහැ. සල්ලි ටිකක් හොයාගෙන ඉන්න ගෙදරක් හොයා ගත්තොත් ඊට පස්සේ පොඅතක් පතක් කියවගෙන ශේප් එකේ ජීවිතය විඳින්න තමයි මෙහෙ ළමයින්ට ඕනේ.

    Liked by 1 person

    1. ඔහෙ ලමයිට එහෙම ආකල්පයි. මෙහෙ අයට එහෙම නැතුව ගොඩක් අයට තරගෙටම යන්න උන ආකල්පයි තියෙන්නෙ ඇයි කියලා අදහසක් ඔබතුමාට තියෙනවද?

      Like

  2. නවින් , මගේ අදහස ටිකක් වෙනස් කරන්න ඕනේ. මම ඉන්න රටේත් පහුගිය වසර විස්ස මුළුල්ලේ දෙමල, සිංහල, ඉන්දීය, චීන දෙමව්පියන් ළමයි ටියුෂන් යවල, හොඳ ඉස්කෝල වලට තරඟයක් දීල මෙහෙ උඩු යටිකුරු කරලා තියෙන්නේ. කලින් තරඟයක් නොතිබුණු තැනක ඒක ඇති කරලා. හැබැයි ළමයි ඉගෙන ගන්නකොට අදහස් වෙනස් වෙනවා දැකල තියනවා. මගේ දුව විශ්ව විද්‍යාලයට යන එකත් අත ඇරලා අවුරුදු දෙකක්. මම හිතනෙන් එයාලට තේරීම් (චොයිසස්) වැඩි නිසා කියල. අපට නොතිබ්බ තේරීම් එයාලට තිබෙනවා .

    Liked by 1 person

    1. අජිත් මහත්මයා මට ඔබතුමාගේ අදහස ටිකක් විතර පැහැදිලි මදි.
      ඔබතුමා අදහස් කරන්නෙ,
      1. ආසියානු සම්භවයක් සහිත අය තරගයක් ඇති කරපු එක හොඳයි කියන එකද?
      මට තියෙන ප්‍රශ්නෙ ඇයි මේ ආසියාතික අයම ඒ තරගයට බර කියලා.

      ලංකාවේ ඉහලට යන්න ලෙසිම ක්‍රමය විශ්ව විද්‍යාලයකට යාම කියලා පිලිගන්න නිසාත් වෙනත් විකල්ප ධාරාවන්ට යොමු වීම අවම නිසාත් තරගය ඇති වූ බවද?

      ඔබතුමා කියන විදියට ඔහෙ ලමයිග්‍එ අදහස් වෙනස් වෙන එක හරි හොඳයි. මෙහෙ ඒ අදහසම තවත් වැඩි කරන එකනෙ වෙන්නෙ.

      Like

    2. ආසියානු සම්භවයක් සහිත අය තරගයක් ඇති කරපු එක හොඳයි කියන එකද? නැහැ මහා කරදරයක් නමුත් කරන්න දෙයක් නැහැ අපට. නැත්නම් ඉස්කෝල හම්බ වෙන්නේ නැහැ.
      මට තියෙන ප්‍රශ්නෙ ඇයි මේ ආසියාතික අයම ඒ තරගයට බර කියලා. – දන්නේ නැහැ. සුද්දොත් දැන් බැහැල ඉන්නේ. ඉස්සර උන් ගණන් ගත්තේ නැහැ. නමුත් දැන් දැන් උන්ට තේරිලා රටේ ඉජිනේරුවෝ, දොස්තරලා, විද්‍යාඥයෝ බහුතරයක් ඒෂියන් කියල. මෙහෙ ආණ්ඩුවට තව ලොකු ප්‍රශ්නයක් තියනවා මෙහෙ භාෂා විෂයයන්, සාහිත්‍යය, ඉතිහාසය ආදී අනිත් විෂයන් වලට ප්‍රවීණයන් අඩුවේගන යනවා. එනිසා එංගලන්ත ආණ්ඩුව ව් විශේෂ ප්‍රෝග්‍රෑම් කරනවා ආසියානු දෙමව්පියන්ට කියන්න ළමයිව ඒ පැති වලටත් දාන්න කියල.

      ලංකාවේ ඉහලට යන්න ලෙසිම ක්‍රමය විශ්ව විද්‍යාලයකට යාම කියලා පිලිගන්න නිසාත් වෙනත් විකල්ප ධාරාවන්ට යොමු වීම අවම නිසාත් තරගය ඇති වූ බවද? – එහෙම වෙන්න පුළුවන්. සුද්දන්ට සාපේක්ෂව ජොබ් ගන්න ලේසියි ලොකු ක්වොලිෆිකේෂන් එකක් නැතිව. ඒක හින්ද වෙන්නත් පුළුවන්.

      Liked by 1 person

    3. අහ් හරි දැන් පැහැදිලි.
      ආසියානුවෝ තරඟකාරී ඇයි කියලා ලෝකෙම අයත් හොයලා බලනවලු.

      https://www.quora.com/Why-are-Asians-so-competitive

      මේක බලන්නකො.

      සුද්දට තමන්ගෙ රටේදි ජොබ් ගන්න ලේසි නිසා වෙන්න ඕනි එහෙනම් වැඩි උනන්දුවක් නැත්තෙ. කට්ට කන්නෙ අහවල් දේකටද කියල උන් හිතනව ඇති

      Like

    4. ස්තූතියි. ආසියානු අය විශේෂයෙන් චීන අයගේ තරඟය වැඩියි
      //සුද්දට තමන්ගෙ රටේදි ජොබ් ගන්න ලේසි නිසා වෙන්න ඕනි එහෙනම් වැඩි උනන්දුවක් නැත්තෙ. කට්ට කන්නෙ අහවල් දේකටද කියල උන් හිතනව ඇති// ඒක හරි

      Liked by 1 person

Leave a Comment

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s