සුටුස් ගාලා තිබිලා එකපාරම හුටුස් ගාලා අතුරුදන් වෙන සදාචාරය

අපි එදිනෙදා කතා කරන මාතෘකා ගත්තම, උදා – ළමා මහණ කිරීම්, ස්ත්‍රී දූෂණ, ඒකාධිපතිවාදයේ අවුල, යුධ අපරාධ etc – ඒවයේදි කිසිම ප්‍රශ්නයක් නැහැ මූලික එකඟතා එකතුවක් (common ground එකක්) මත පදනම් වෙලා අපි ඒවා ගැන කතා කරනව. නමුත් ඔය කතාබහ මාරු වුනොත් අපේ ජීවන රටාව, අපේ පහසුව, අපේ ආශාවල් හරි අපේ පැවැත්මේ සාංදෘෂ්ඨික වටිනාකම් වලට, එතනදි ගොඩක් දෙනෙක් අර පොදු එකඟතා ප්‍රශ්න කරන්න ගන්නවා එක පාරටම.

උදාහරණයකට මස් පිණිස සතුන් මැරීම, ළමයි බිහිකිරීම වගේ මාතෘකා වලදි එකපාරටම, මුළු දවස පුරා වෙන කිසිම දෙයකදි නොවෙන විදියට අර මුලින් කිව්ව අපි එකඟ වෙලා පිළිගෙන ජීවිතයේ මොහොතක් පාසා යොදාගන්න හරි වැරැද්ද ගැන සංකල්පය සුටුස් ගාලා අතුරුදන් වෙලා, සාපේක්ෂ වෙලා, ශුන්‍යයවාදී වෙලා, මෙව්වා වෙලා ඔහොක් වෙලා යනවා.

කිසිම අවුලක් නැහැ අපේ ඒ එකඟතා වල මූලයන් ගැන ප්‍රශ්න කරන එක හොඳයි. හොඳයි විතරක් නෙමෙයි ඒ ප්‍රශ්න කිරීම අනිවාර්‍යයෙන් පුද්ගලයෙක් තුළින් සිද්ධවෙන්නම ඕන (හිතන මිනිහෙක් කියන්නෙම පූර්ව නිගමන අනුකම්පා විරහිතව ප්‍රශ්න කරන්නෙක්).

ඒත්, ඇයි මේ අපේ ජීවන රටාවට සහ පැවැත්මට අභියෝගයක් වෙන තැන් වලදි විතරක් හෙණම පත දාර්ශනික අඩි වලට පල්ලන් බහින්නෙ? මොකද එහෙම මූලයන් වල ‘අවුල් සහගත තත්වයන්’ ඇත්තටම තියෙනව නම්, අර අපි හැමදාම කිසිම ප්‍රශ්නයක් නැතුව කතාබහ කරන දේවල් පවා ඒ විදියටම පදනම් විරහිතයි.

සදාචාරය (හෙවත් හරි වැරැද්ද) කියල එකක් නෑ, සියලු දේ සාපේක්ෂයි, අපි ස්වභාවිකව ප්‍රෝග්‍රෑම් වෙලා ඉන්නෙ මේම මේමයි; මේවා ඔක්කොම එකපාරම මේසෙ උඩට එනව අර වගේ ‘තමන්ට රිදෙන දැනෙන’ ඒවා ගැන කතාවෙද්දි. [මේ කවුරුවත් ලසන්ත ඝාතනය හෝ සේයාව දූෂණය කරපු සිදුවීම් ගැන කතාබහ යද්දි ඒවා condemn කරනව මිසක් මොරල් රෙලටිවිසම් වලටවත් සදාචාරයේ මූලයන් වලටවත් බහින්නෙ නැහැ]. මේක ඇත්තටම පොඩි එවුන් දූෂණය වෙද්දි තදටම තිබිලා පොඩි එවුන් හදද්දි අතුරුදන් වෙලා යන අරුම පුදුම අප්පගේ සදාචාරයක්!

මේකෙන් ඔප්පු වෙනව අපි තාර්කික ලේබලය අලවගෙන, මෝඩකම් (මෝඩකම් කියන්නෙ අතාර්කික බව නේද?) වලට උඩ පැන පැන ගහ ගහ අම්බානට වගකීම් සහගත වෙස් මූණු දාගෙන ලෝකයට පේන්නත් අපිටම පේන්නත් සෙල්ලම් කලාට ඇත්තටම අපේ ලෝක දැක්මවල් වල යටි පෙළත් අර ජාතිවාදින්ගේ, ආගම්වාදීන්ගේ, හෝමෆෝබික් උන්ගේ වගේම හැඟීම් උඩ දුවන එකක් කියන ඇත්ත.

මේ දාර්ශනික රෙද්දේ රෙවා ගැනීම් වෙන්නෙ අපේ හැඟීම්, අපේ ආශා අරගෙන ඒවා දන්න සෙල්ලම් උප්පරවැට්ටි දාලා සාධාරණීයකරනය කරන එක කරන්න ගත්තම.

උදාහරණ දෙන්න පුළුවන් ඉහේ කෙස් ගාණටත් වඩා. මගේ මිත්‍රයෙක් ඉන්නව, එයා දරුණු විදියට ධනවාදය ඩිෆෙන්ඩ් කරන වම, මාක්ස්, රතු පාට දැක්කම පළු දාලා බඩ යන ලෙවල් එකේ කෙනෙක්. දවසක් සෑහෙන දුරදිග කතාවකදි මෑන්ස් අතින් කියවුනා “ඇත්තටම මම හමර් වලට හෙණ ආසයි බං. ධනවාදී ලෝකෙක විතරනෙ හමර් හැදෙන්නෙ” කියල. මේක කිව්වෙ ධනවාදී ආර්ථික ක්‍රමය තෝරගන්න හේතුව පැහැදිලි කිරීමක් විදියට. අර මෝමන්ට් ඔෆ් honesty කියන්නෙ. තව මම දන්න අයියා කෙනෙක් හිටියා, මූ කැම්පස් යන කාලෙ මම ඕලෙවල් වගේ. මූ හෙණ රැඩිකල්. දාන්නේ බාටා. සපත්තු දාන කාර් වල යන අයට බනිනව etc. වමේ ඉතින්. ජීවිතය විසින් අපිව අවුරුදු ගාණකට ඈත් කලා. ළඟදි ආරංචි වුනා මෑන් දැන් ලොකු ප්‍රයිවට් කම්පැනියක වැඩ. යන්නෙ එන්නෙ කාර් එකෙන්. තට්ටු දෙකේ ගෙයක් ගහලා. බැඳලා. ළමයි දෙන්නයි. ෆේස් බුක් වාදයක් දුර දිග ගිහින් විස්තරය කියපු යාලුවාගෙන් ‘ඔයා ඒලෙවල් වත් පාස් ද? මම මේ කම්පැනියෙ මේ වගකීමක් තියෙන රස්සාවක් කරන්නෙ. තමුසෙ මොකෙක්ද?’ ඇහැව්වාය කියල.

මේවයින් මොකක්ද හෙළි වෙන්නෙ?

හමර් වලට ආස නිසා ධනවාදය හොඳයි කියන, දුප්පත් පවුල් පසුබිම නිසා ධනවාදයට බැන බැන වම කරේ තියන් යන (සල්ලි හම්බකලාම වම දකුණ මාරු වෙනව), දරුවො නැතුව ජීවිතේ හිස් නිසා දරුවො හදන එක හොඳයි කියන, බොද්දි බයිට් එකට මස් නැතුවම බැරි නිසා මාංශ පිණිස සතුන් මරන එක හරි කියල ආවේගයෙන් වාද කරන….

හැබැයි මේකත් කියන්න ඕන. අවිඥ්ඥානික ආශාවල් සාධාරණීයකරනය කරන්න කතා ගොතන එක පට්ට මානුෂිකයි. අපි ඉමෝෂනල් ජීවීන් කොටසක් මිසක් තාර්කික වීම මුල් කරගෙන පරිනාමය වුන එවුන් සෙට් එකක් නෙමෙයි.

ඒ මොක වුනත් ලෝක දැක්මේ පදනම ඉමෝෂනල් නම්, එහෙනම් ජාතිවාදියෙක්ගෙ දැක්මෙයි ඔබේ ලෝක දැක්මේ පදනමෙයි ‘ආකෘති වල’ වෙනසක් නැහැ.

මේ කියන්නෙ එහෙම වෙන්න එපා කියල ඉතින්. දර්ශනය ගැන විද්‍යාව ගැන ගොඩක් පොත් කියවල ගොඩක් දැනුම ගොඩගහගෙන ඒ දැනුමෙන් අම්මගෙන් ආසාවට චොක්ලට් ඉල්ලන බබෙක් වෙන්න එපා කියල ඉතින්.

තමන්ගෙ ලෝක දැක්මේ පදනම ගැන, ඒක මෙහෙයවෙන ආවේග ගැන පොඩ්ඩක් වැඩියෙන් අවධානය යොමු කරල බලන්න. එතකොට ඒකෙ තියෙන ගොං පාර්ට්, පරස්පරතා අල්ලගන්න පුළුවන් වෙයි (මොන යකෙක්ටවත් මේක 100%ක් කරන්න බැහැ. ඒත් මේ අනා ගැනීමට වඩා නම් පුළුවන්).

තමන්ගෙ ලෝක දැක්මෙන් තමන්ගෙ ‘පැවැත්ම’ සාධාරණීයකරනය නොවුනට ඒක කමක් නෑ. ඒක එච්චර ගනන් ගන්න එපා. ඔබේ ලෝක දැක්ම නැමති සමීකරණයට ඔබේ පැවැත්ම ආදේශ කරල බැලුවම “ඔයා අලි ඔඳයි. ඔයා කලන දේවල් ඔයා ආච චේවල් චමා අලි” කියල උත්තරය ලැබෙන්න ඕන නැහැ.

ලෝක දැක්ම අවංකබවෙන් වැඩි නම්, තාර්කික නම්, පරස්පරතා අඩු නම් කොහොමත් උත්තරය ලැබෙන්නෙ “අනේ තෝ වගේ ආත්මාර්ථකාමී තක්කඩි නරුම බල්ලෙක්” කියන එක අනිවාර්‍යයයි.

ඒක ගනන් ගන්න එපා. අවංක විමර්ෂණයෙන් අවබෝධ කරගැනීමයි පළමු පියවර. ඒ අවබෝධය පැවැත්මට ඔබාගන්න පුළුවන්ද කියන ඊළඟ පියවර ගැන පස්සෙ බලමු.

උඹව වැඩියෙන්ම රවට්ටන්නේ වෙන කවුරුත් නෙමේ, උඹමයි. ඌට අහුවෙන්න එපා.

Leave a Comment

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s