බෞද්ධකම ගැන ආඩම්බර වීම

කෙනෙක් තමන් බෞද්ධයෙක් වීම ගැන ආඩම්බර වෙන්නේ කොහොමද?

මා අසා ඇති අන්දමට බෞද්ධාගමේ මූලික අරමුණ වන්නේම පුද්ගලයාගේ මමත්වය නැති කිරීමය. මා දන්නා තරමින් ආඩම්බර වීම තරම් මමත්වය වැඩි කරවන තවත් මිනිස් හැඟීමක් නැති තරම් ය. ඉතින්, කෙනෙක් තමන්ගේ බෞද්ධකම ගැන ආඩම්බර වෙයි නම් එහි ඇත්තේ පරස්පරවිරෝදී බවකි. එය හරියට යම් කෙනෙක් තමන්ව මස් කන වෙජිටේරියන් කෙනෙක් කියා හඳුන්වා දීමට සමානය.

ඒ පරස්පරවිරෝදී බවට අමතරව තව කාරණයක් සඳහන් කල යුතුව තිබේ. උදාහරණ දෙකකින් පැහැදිලි කරමි.

මා ජනනවිරෝධියෙකි. මා ජනනවිරෝධියෙකු වූයේ ජනනවිරෝධී මතය පිළිගැනීමෙන් මා හට යම් චූන් එකක් දැනෙන නිසා නොවේ. මොළය පාවිච්චි කොට අවංකව කල්පනා කල විට ජනනවිරෝධී මතවාදය ළඟ මා නතර වුන නිසාය. එය එසේ නම්, මං ජනනවිරෝධියෙක් වීම ගැන මං ආඩම්බර විය යුතුද? මා යමක් එය එසේය කියා පිළිගැනීම ගැන ආඩම්බර වෙන්න දෙයක් තියෙනවද?

ඉර උදාවෙන්නේ නැගෙනහිරින් බව මම පිළිගනිමි. එය සිදුවන්නේ එසේය කියන දැනුම මගේ මනසේ ඇත. ඉර උදාවෙන්නේ නැගෙනහිරින් බව මා දන්නා නිසා එය එසේ බව පිළිගැනීම ගැන මා ආඩම්බර වෙන්නේ අහවල් බක්කකටද?

මේවා කුමනාකාරයක තේරුමක් රහිත කුණුහරපද?

යමෙක් තමන් බෞද්ධ දර්ශනය සත්‍යය කියා පිළිගැනීමත් ඉර නැගෙනහිරින් උදාවන බව පිළිගැනීමත් සර්වබලධාරී දේව සංකල්පය ප්‍රතික්ෂේප කිරීමත් රාත්‍රියේ නින්දට පෙර දත් මැදීම හොඳ සෞඛ්‍යය පුරුද්දක් බව පිළිගැනීමත් ගැන ආඩම්බර වෙන්නේ මොන…….. මුන්ට කොයිල්ද?

රාජ්‍යය විසින් එහි ජනතාවගේ මොළ ශෝදනයට භාවිත කරන ප්‍රධානතම ආයතනය වන පාසැල නම් ආයතනයට පෙමින් වෙළී ඒ ගැන තවමත් ආඩම්බර වෙමින් තමන්ගේ ෆේස්බුක් ප්‍රොෆයිලය හරහා පාසැල නම් ආයතනයට ඔහුගේ තිබෙන බැඳීම ගැන කයිවාරු ගහන්න තරම් අසරණ මානසිකත්වයකින් හෙබි සයිබර් මිතුරෙක් ඒ ප්‍රොෆයිලයේම කවර් පින්තූරය ලෙස “I’m Buddhist and I’m proud of nothing” යැයි සඳහන් ඡායාරුවක් යොදාගෙන සිටි අයුරු සිහි වෙයි.

බෞද්ධාගම ආගමක් නොවේ, දර්ශනයක් ය කියන්නේද මොවුන් වැනි අයමය. දර්ශනයක් තිබෙන්නේ අනුගමනය කරන්නටය. අනුගමන නොකරනවා නම් ඔහු ඒ දර්ශනය අනුව ගිය අයෙක් නොවේ. කෙනෙක් සත්ව මාංශ අනුභව කිරීම වැරදි බව පිළිගත් පමණින් ඔහු වෙජිටේරියන් කෙනෙකු වන්නේ නැත. ඔහු වෙජිටේරියන් කෙනෙකු වන්නේ ඔහු මස් කෑම ක්‍රියාවෙන් නොකරනවා නම් පමණි.

මට වැටහෙන අන්දමට නම් බුදුදහම කියන්නේ මෙලෝ යකෙකුට අනුගමනය කල හැකි දහමක් නොවේ. මම එහෙම කියන්නේ තමන් බුදුදහම අනුව ගිය උන් (බෞද්ධයන්) කියා ගන්නා කිසිම එකෙක්, එකම එකෙක් බෞද්ධ හරයන් අනුව ජීවත් වනවා මා දැක නැති නිසාය. මමත්වයක් නැති කිරීමට සියලු ආශා, බැඳීම් අතහැර බෞද්ධ දර්ශනයේ අන්තයටම යාම අමතක කරමු. අඩුම ගානේ මේ දර්ශනයෙන් යෝජනා කරන මූලික ඉගැන්වීම් ටිකවත් පිළිපදින්න මෙලෝ යකෙකුට නොහැකි බවකුයි පෙනෙන්නට තිබෙන්නේ.

රටෙන් හතරෙන් තුනක් අදහන්නේ සිද්ධාර්ථ ගෞතම වය. එහෙත් ඒ හතරෙන් තුනම තමන්ගේ දරුවා ගෞතම මෙන් සාන්දෘෂ්ඨිකවාදී අනන්‍යතා අර්බුදයකට මුහුණ පෑමෙන් අනතුරුව තමන් විසින් නියම කරන ලද ජීවන ඉලක්ක බල්ලට දමා ඒවායේ නිසරු බව ගැන කියන්නට ආවොත් ඒ දරුවාව ඩොක්ටර් කෙනෙක් ගාවට ගෙනගොස් ඩිප්‍රෙශන් කියා පෙති පොවා ජීවිතය දිනීමේ රේස් එකට දමා “අපට ලැජ්ජා නොකර පොරක් වෙයන් පුතේ” කියා නැවත තල්ලු කරනා ජාතියේ උන් ය.

තමන් ආඩම්බරයෙන් අදහන සිද්ධාර්ථ ගෞතම මුන්ගේ දරුවා වෙලා ඉපදුනා නම් දැන් සිද්ධාර්ථ ගෞතම ජීවිතය කලකිරීම හේතුවෙන් දිනපතා රාත්‍රියේ විශාදයට බෙහෙත් පෙති බොමින් පහුවදා උදෙන්ම නැගිට ජීවිතය ජයගැනීමේ බලුපොරයේ යෙදෙන්නෙකි.

මුන්ගේ බෞද්ධකමේ යථාර්තය එයයි!

මා දන්නා බෞද්ධයන් නම් එකෙක්වත් නැත. බෞද්ධ ගිහියෝ ද නැත. බෞද්ධ භික්ෂූන් නම් ලොවෙත් නැත.

අච්චරක් දුෂ්කරක්‍රියා කොට මෙලෝ යකෙක් අනුගමනය කරන්නේ නැති, කවුරුවත් ප්‍රයෝජනයක් ගන්නේ නැති, ප්‍රායෝගික නැති දර්ශනයක් ගොඬනගන්නට කට්ට කෑ උන්වහන්සේ පව් ය.

2 Comments

  1. මම දන්න විදියට බෞද්ධ දර්ශණයේ හරය තම ජීවිතයට එක්කරගත් කෙනෙක්ට දියහැකි හොඳම උදාහරණය ඇඩෝල්ෆ් හිට්ලර්.

    එතුමාට යුද්ධයක් කරන්න සිදුවුනා ඒ නිසා එතුමා එය තමන්ට කලහැකි හොඳම විදියට කලා. ඒක එයාගේ වගකීමක්

    නමුත් එතුමා නිර්මාංශ ආහාරගත් දුම් පානය නොකල, මත්පැන් පානය නොකල.
    ගණිකාවන් ඇසුරු නොකල කෙනෙක්. නියම බෞද්ධයා කියලා මම හඳුන්වන්නේ මෙහෙම අයට තමයි.

    Like

  2. කරුණාකරල ෆේස්බුක් එක ආයි re activate කරන්න. දවස් තිහක් යනකං fb එකවුන්ට් එක ඩිලීට් වෙන්නෙ නෑ. කරුණාකරල ආපහු එන්න. මුකුත් ලිව්වෙ නැතත් කමක් නෑ. account එක visible තියන්න. කියවපු නැති post ගොඩක් තියනව. ඒවයෙ comment ත්‍රෙඩ් වල ගොඩක් හොද සංවාද හැදිල තියනව. ඒව නැති වෙනව ඔහොම කලොත්. අනික මං දැකල කතාකරල එහෙම නැති උනාට ඔයා ෆේස්බුක් එකේ ලියඖ දේවල් වලින් මාර දේවල් ටිකක් ගත්ත. ඒ අදහස් මට කියවන්න ලැබුනෙ නැත්තං සමහරවිට අද මගේ ලෝක දැක්මට අනුව මං ඉතාම ගොං පාට් එකක් කියල හිතන දෙයක් හිස් මුදුනින් පිලිගන්න කෙනෙක් වෙන්න තිබ්බ. අර ඔයාම එක පෝස්ට් එකක දාල තිබ්බෙ “තමන් වගේ හිතන තව මනුස්සයෙක් ගැන දැනගන්න ලැබීමේ සතුට” ගැන. ඒ වගේ. හිතන්න ඔයා කියවපු හොදම පොත් ලියවෙන්නෙ නැතව තිබ්බනම් ඔයාගෙ ලෝක දැක්ම මොන මට්ටමකින් වෙනස් වෙන්න තිබ්බද? අන්න ඒකයි මං කියන්නෙ. එකපාරටම ඔහොම ෆේස්බුක් එක මකන්න එපා. ඒක ඔයාගෙ පාඨකයන්ට කරන ලොකු අසාධාරණයක්. ඒක එච්චර සදාචාරාත්මක නෑ. පොඩ්ඩක් සලකා බලන්න.

    අනික් කාරනාව, තෝ මේ බ්ලොග් එකත් ඩිලීට් කලොත් හොයාගෙන ඇවිත් මරනව සහෝ ඈ 😡😡😡

    Like

Leave a Comment

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s