නිශ්චිතය

අනාගතයේ දවසක, යම් මොහොතක, ඔබට ඔබේ ආදරණීයයාගේ මළ සිරුර දැකීමට සිදුවනු ඇත.

අප බොහෝ දෙනෙක් පතන සෞඛ්‍යය සම්පන්න වැඩි ආයුකාලයකින් යුත් දිවියක් ළඟා කරගැන්මට අපට හැකි වුනොත්, එකක් පසුවට එකක් ලෙස අප ආදරය කරන්නන් අප ඉදිරියේ මියයාම දරා ගැන්මට සිදුවේ. එක්කෝ අපට අප ආදරණීයයන් අහිමි වීමට මුහුණ දීමට සිදුවනු ඇත. නැත්නම් ඒ හා සමානම වේදනාවක් ඔවුන්ට උරුමකර දෙමින් ඔවුනට කලින් අප මිය යනු ඇත.

තමන් ආදරය කල, සිපවැළඳගත්, සිනහව සහ සුසුමන් බෙදාගත් ඒ මනුශ්‍යයා තමා ඉදිරියේ වැතිර සිටියි. දර කොටයක් සේ. නිශ්චලව. ‘කෙනෙක්’ නොව, ඉක්මනින් අයින් කර දැමිය යුතු ‘දෙයක්’ ලෙස. අපේ ජීවිත වල නොවැළැක්විය හැකි අනිවාර්‍යයක් වන මේ යථාර්තය අපෙන් වෙන්ව ඇත්තේ එක් නිමේෂයකින් පමණි.

කොපමණ ඛේදජනක දෙයකට වුව ‘හුරුවීම’ට ඇති හැකියාව නම් මිනිසා සතු සහජ ගතිගුණය නොවන්නට, ජීවිතය නමැති පලා යා නොහැකි බියකරු යථාර්තයත් වැළැක්විය නොහැකි ලෙස ලියවී ඇති අප සැමගේ දුක්ඛිත ඉරණමත් ඉදිරියේ කුමක් කරන්නද?

මහල්ලෙක්, ලෙඩෙක්ගෙන් පසු මළකඳක් දුටු සිද්ධාර්ථ ඒ දෙස බැලූ ආකාරය හැර, ලෝකය දෙස වෙන ආකාරයකට බලන්නේ කෙසේදැයි මම නොදනිමි.

Leave a Comment

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s