සාම්ප්‍රදායික රැඩිකලුන්

රැඩිකල් සහ ප්‍රගතශීලී මතධාරීන් කියල හැඳින්වෙන ගොඩක් අයගෙ රැඩිකල් බවයි ප්‍රගතශීලී බවයි කියන්නෙ ආගම සහ සංස්කෘතියෙන් එහාට අතුරුදන් වෙන දෙයක්. ඒ රැඩිකල් සහ ප්‍රගතශීලී බව තියෙන්නෙ ආගමික සහ සංස්කෘතික කාරණා කියන සීමාව ඇතුලෙ විතරයි.

ආගමික සහ සංස්කෘතික කාරණා වලදි තියුණු ලෙස රැඩිකල් වන අය මාතෘකාව ආර්ථික ක්‍රමය, සමාජ ක්‍රමය, ජීවිතය, පැවැත්ම වගේ දේවල් වලට මාරු වුන ගමන් පෙන්වන්නේ සෑහෙන වෙනස් ආකල්ප විදියක්. ඒ දේවල් වලදි රැඩිකල්, ප්‍රගතශීලී පිරිස් ලෝකය දිහා බලන්නෙ සිස්ටම් එකෙන් ඒ අයව ප්‍රෝග්‍රෑම් කරල තියෙන විදියටමයි. ඒ විදියටම, හරියටම, තිතටම.

වර්තමාන මිනිස් ශිෂ්ඨාචාරය විසින් විනාශකාරී, අසාධාරණ සමාජ ව්‍යුහයන් පවත්වාගෙන යනු ලබන්නේ ඕවෙල්ගේ 1984 ලෝකයේ මෙන් ජනතාව දැඩි නීති, දඬුවම් මඟින් යටත් කොට පාලනයට ලක් කිරීමෙන් නෙමේ. ඒ වගේ ක්‍රමයක් අද අපි ජීවත් වන ලෝකයේ අපි දන්න ආකෘතියට අනුව ක්‍රියාත්මක කලොත් සිස්ටම් එක විසින් අනුමත නොකරන අකාරයේ ක්‍රියාකාරකම් වල නොයෙදෙන විදියට මිනිස්සුන්ගෙ හැසිරීම් සහ ක්‍රියාකාරකම් පාලනය කරන්න පුළුවන් වුනාට, ඒ ක්‍රියාකාරකම් වල යෙදෙන්න මිනිසුන් තුළ තියෙන උවමනාව නැතුව යන්නේ නැහැ. ගොඩක් වෙලාවට දැඩි නීති සහ දඬුවම් ක්‍රම මඟින් පාලනයට ලක් කෙරෙන ක්‍රමයක් තුල ඒ ක්‍රම වල අතුරු ප්‍රතිපල විදියට සිස්ටම් එක විසින් බලාපොරොත්තු නොවන වෙනත් ශාරීරික සහ මානසික අතුරු ප්‍රතිපල ඇතිවෙන බව නූතන ලෝකයේ බලාධිකාරියන් තේරුම්ගෙන අවසන්.

ඒ නිසා ඕවෙල්ගේ 1984 ක්‍රම වෙනුවට ඔවුන් පාවිච්චි කරන්නේ හක්ස්ලිගෙ Brave new world ලෝකයේ ක්‍රමයයි. ඒ කියන්නේ සිස්ටම් එක විසින් අනුමත කෙරෙන අපේක්ෂිත ක්‍රියාකාරකම් දිරිගන්වනවා ඒ ක්‍රියාකාරකම් වලට ප්‍රතිලාභ ලබා දීම මඟින්. (reinforcement of desirable behavior by rewards). හිංසාව සහ බලය පතුරුවන බලාධිකාරියන්ට වඩා භයානක වන්නේත්, ප්‍රායෝගික වන්නේත්
අවිහිංසාවාදී මොළශෝදනයන් හරහා පෙළඹවීම් මඟින් ජනයාගේ ‘සිතිවිලි සහ ආකල්ප’ තමන්ට රිසිසේ හසුරුවන බලඅදිකාරියන්. මොකද ඒ මඟින් ජනතාව තුළ සිස්ටම් එක විසින් අනුමත නොකරන ක්‍රියාකාරකම් වල යෙදීමට තියෙන උවමනාවම විනාශ කරල දමනවා. මේ දේ සිද්ධ වෙන්නෙ කලාව, වෙළඳ දැන්වීම් වල ඉඳන් මිනිස් ජීවිතයේ හැම අංශයක්ම පාවිච්චි කිරීමෙන්.

මට හිතෙන විදියට මෙතැනදියි රැඩිකල් සහ ප්‍රගතශීලීන් සාම්ප්‍රදායික මතධාරීන්ටත් වඩා සාම්‍රදායික වෙන්නෙ.

ඊයේ මහගමසේකරගේ ‘ප්‍රබුද්ධ’ කියෙව්වා. මතක් වෙනවා එහි නිරූපනය වෙන ප්‍රබුද්ධගෙන් එළියෙ තියෙන සාමාන්‍යය ජනසමාජයේ තීම් එක කියවෙන පද පේළියක්.

“බල්ලො මරාලා – හරි – සල්ලි හොයාලා
ඉන්න ටිකේ ඉම්මු සුදෝ ජොලිය දමාලා..”
“හැම් බේකන් කන්න සල්ලි
ජින් ෂැම්පේන් බොන්න සල්ලි
හා! එන්න! ප්‍රීති වෙන්න! ගී කියන්න! පෙම්බරෝ
මේ වගේ සැපක් තවත් ලොවේ තියේද
සුන්දරෝ”

“බල්ලො මරාලා – හරි – සල්ලි හොයාලා
ඉන්න ටිකේ ඉම්මු සුදෝ ජොලිය දමාලා..”

ආගම සහ සංස්කෘතියෙන් අවසන් වන බොහෝ රැඩිකලුන් සහ ප්‍රගතශීලීන්ගේ දැක්ම මෙහෙයවෙන ආකල්‍පය එයයි. අඩුම ගානෙ ඒ අයගෙ අදහස් වලින් පෙනෙන විදියට.

Hedonistic ජීවන රටාවක් වන්දනා කරමින් උත්කර්ශවත් කරන, පවතින destructive ක්‍රමය වෙනුවෙන් පෙනී ඉන්න ගමන් අඟහරු ලෝකෙ ජනාවාස හදන්න බලාගෙන වෙනත් ලෝකයක් ගැන ප්ලෑන් ගහන ප්‍රගතශීලී, රැඩිකල් වාදීන් ඇත්තවශයෙන්ම සාම්ප්‍රදායික මතධාරීන්ට වඩා සාම්ප්‍රදායිකයි.

පවතින සිස්ටම් එකේ පදනම වන ආර්ථික හෝ සමාජීය ධූරාවලින් ගැන විවේචනයක් කරන්න බලන්න, මේ සිස්ටම් එක ආරක්ෂා කරමින් ඒ වෙනුවෙන් කතා කරන්න මුලින්ම දුවගෙන එන්නේ ආගමික සහ සංස්කෘතික කාරණා වලදි පට්ට විදියට රැඩිකල් සහ ප්‍රගතශීලී හැසිරීමක් පෙන්නන සෙට් එකයි.

3 Comments

  1. මේ වගේ අන්වර්ථ නාමයෙන් ලියන ජේමිස් බණ්ඩා හරි සංජය ශ්‍රී කාන්ත් වගේ අයගේ සැබෑ පෞගලික ජිවතය ගැන දැන ගන්න මම හරි කැමතියි. ජේමිස් බැඳ කියන මේ දුවගෙන එන රැඩිකල් අය වගේම චරිතයක්ද කියල අපි කොහොමද දන්නේ? මම හුඟක් දැකල ටින් දෙයක් තමයි සිස්ටම් එක වෙනස් කරන්න කතා කරන පක්ෂ දෙක තුනක අයගේ කෙරුවාවල්. ඒ ගොල්ලෝ මේ ඉන්න සිස්ටම් වලාට් කැමතිම නැහැ. ඒවා බිඳ දමන්න , //බල්ලො මරාලා – හරි – සල්ලි හොයාලා
    ඉන්න ටිකේ ඉම්මු සුදෝ ජොලිය දමාලා// මේ වගේ දෙවල් වේලට හිනාවෙන කට්ටිය. ඒක හරිය කියල මම කියන්නේ නැහැ . මොකද මම කවදාවත් එහෙම සල්ලි හොයපු එකෙක් නෙමේ. ඉදිරියට කරන්න හිතාගෙන වත් නැහැ. නමුත් සිස්ටම් චේන්ජ් කරන්න කතා අකරණ අය ධනවාදී ලෝකයේ හැසිරෙන්නේ ධනවාදීන්ට එහා. මගේ පෞද්ගලික අත්දැකීම ඒක . එනිසා නැවතත් කියන්නේ හරි අසයි පුද්ගලිකව මේ ලියන තැනැත්තා මුණ ගැහිලා බලන්න හේ හේ

    Liked by 1 person

    1. මට ඉතින් පුලුවන් සමහර බ්ලොග් වල වගේ ඩයරියක ආකෘතියට වැටෙන සටහන් ලියන්න. එහෙම කලා නම් මම ජීවත් වෙන්නෙ කොහොමද, ප්‍රායෝගික ජීවිතයේදි මම මොන වගේද කියල අඩුම ගානෙ මගෙ වර්ශන් එකෙන් වත් දැනගන්න පුළුවන් වෙයි. ඒත් එව්වා ලියන විදිය තේරෙන්නෑ. උදාහරණයකට ‘මෙන්න.. මම මගේම නංගිගේ වෙඩිමට නොගිහින් ඇති කර ගත්ත ප්‍රශ්න රාශිය’ වගේ සටහනක් කොහොමද ලියන්නෙ? මම නගාගෙ වෙඩිමට නොගියාය කියන එක කාටවත් වැඩක් තියෙනවයැ. (ඇත්තටම ගියේ නෑ). මෙහෙම කියන්නම්. මගේ ලෝක දැක්ම අවංකව සෝෂල් මීඩියා වල ලියන්න බෑ. කියවන උන් ඩිප්‍රෙස් වෙනව. මම සැබෑ ජීවිතයෙදි සමාන වෙන්නෙ ටිකක් පිටස්තරයෙක් ගානට. විරාගයේ අරවින්ද, කැමූගේ මර්සෝ, oblomov, ඩොස්ටොය්ව්ස්කි ගේ underground man, යුගාන්තයේ තිස්ස කයිසාරුවත්තේ.. අන්න ඒ වගේ චරිත කියවද්දි තමා මට දැනෙන්නෙ ‘මම තනි වෙලා නෑ’ කියල. මං මොන වගේද කියල අදහසක් ගන්න ඉතින් ආශ්‍රය කරන්නම වෙනවා. හැබැයි මම කාවවත් ආශ්‍රය කරන්නැති නිසා ඕක වෙන්නෙත් නෑ.. 🙂

      Like

  2. රැඩිකලුන් වැඩියෙන්ම ගහන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතියට. ඒත් ඒ රැඩිකලුන්ම බෞද්ධ සංස්කෘතියට පිං සිද්ධවෙන්න තමයි තමන්ගෙ නිර්මාණ මාකට් කරගන්නෙත්.

    මෑතකදි රිලීස් වුන, නවගත්තේගමගෙ පොත ඇසුරෙන් නිර්මාණය කෙරුන සංසාරණ්‍යයේ දඩයක්කාරය චිත්‍රපටයෙ ඔෆීශියල් පේජ් එකේ ෆිල්ම් එක මාකට් කරන්න දාලා තිබ්බේ අදාල කාන්තා චරිතයක් අඩ නිරුවතින්, තනක් එලියේ දාගෙන දුවන ඡායාරූපයක්. ඔය මට්ටමින් කාන්තා ශරීරය මෙවලමක් විදියට යොදා ගැනීමක් බටහිර සිනමා කලාවෙවත් නොවෙන තරම්. ඒ තරම්ම තුච්ඡයි. කල්පනා කරන්න වෙන ප්‍රශ්නය තමයි මුන් මේ උදේ රෑ නොබලා ගහන සිංහල බෞද්ධ සංස්කෘතිය කියන එක නොතිබුනොත් මුන් ෆිල්ම් එකක් කරන්නේ, පොතක් ලියන්නේ සහ ඒවා මාකට් කරගන්නෙ කොහොමද කියන එක.

    චින්තන ධර්මදාස ෆිල්ම් එකක් හදනව. ඒකෙ පෝස්ටරේට දානවා ප්‍රධාන නිලිය සිගරට් බොන ෆොටෝ එකක්. ඊට පස්සෙ ඒකට එල්ල වෙන විවේච්න චින්තනලම මාකට් කරනවා. සරලම ප්‍රශ්නය, චින්තනලා සල්ලි හොයන්නෙත් චින්තනලා ගහන හොර භික්ෂූන් වගේම සිංහල බෞද්ධ සංස්කෘතියෙන්ම නේද කියන එක. බනින එකම මාකටින් ටූල් එකක් කරගන්නව. ඊට පස්සෙ රචනා ලියනව සමන් එදිරිමුණිලගෙ, ඉරාජ් වීරරත්නලගෙ වැඩ වල එතිකල් බව ප්‍රශ්න කරල.

    **

    රටක් විදියට ලංකාවෙ තියෙන යුනීක්ම ලක්ශණය තමයි කොතන කොයි අංශය බැලුවත් අමු චාටර් කියන දේ. මේක දේශපාලන සංස්කෘතියට, රාජ්‍යය අංශයට, කලාවට, සාහිත්‍යයට.. ඕනම අංශයකට අදාල දෙයක්.

    ඒ වගෙම තමයි, ලංකාවේ ප්‍රගතශීලී මතධාරීන් හෝ රැඩිකලුන් කියල හඳුනාගන්න උනුත් අර අනෙක් අංශ වල වගේම තමයි, අම්බ චාටර්. හැමදාම කියන කතාව, ලංකාවේ ප්‍රගතශීලී/රැඩිකලුන්ගේ රැඩිකල් කම ආගමට සහ සංස්කෘතියට ගැහීමෙන් එහාට නොයන ආගම සහ සංස්කෘතියම අනෙකා කරන් ගොඬනැගෙන එකක් ය කියන එක. මේ රැඩිකලුන් ආගම සහ සංස්කෘතිය කියන සීමාවෙන් එළියෙදි අනෙක් සාම්ප්‍රදායික අදහස් දරන්නන්ට වඩා සාම්ප්‍රදායිකයි. ගොබ්බ ආගමිකයන්ට වඩා ගොබ්බයි. ආගමික සහ සංස්කෘතික කියල හඳුනා නොගැනෙන ඒත් පවතින සිස්ටම් එකේ නෝම් එකක් විදියට පිළිගැනෙන යමක් ගැන විවේචනයක් කරන්න බලන්න, එක සැනින් පවතින නෝම් එක ආරක්ශා කරගන්න ඒ වෙනුවෙන් පෙනී ඉන්න පුක්වල් උඩදාගෙන දුවගෙන එන්නෙ ආගමිකයො නෙමේ, ඔය රැඩිකල් කියන එවුන් ටිකයි.

    සතුටුයි ඉතින්. ඔහොම තමා වෙන්න ඕන.

    Like

Leave a Comment

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s