සියදිවිනසා ගන්නෝ දඬු කඳේ ගැසීම | Condemning the Condemned

මනුස්සයෙක් සියදිවිනසා ගත්ත ආරංචියක් ආපු ගමන් ගොඩක් දෙනෙක් මේ වගේ කතා කියනවා අහන්න ලැබිල ඇති.. “පොඩි කාලෙ ඉඳල දුක් විඳල හදපු දෙමව්පියොයි පව්..”, “මෙච්චර මිනිස්සු අමාරුවෙන් ජීවත් වෙන්න හදද්දි ජීවිතේ නැති කරගන්නෙ එහෙමත් කාලකණ්ණිම තමයි”, “කොණ්ද පණනැති කමනෙ.. පෞරෂයක් නැති කමනෙ..”, “මේ වගේ දෙයක් නිසා ජීවිතේ එපා වෙනව නම් මැරිලා ගිය එකමයි හොඳ…” ඒ වගේ […]

වැඳීම – ජාතියක නිවට බවේ සංකේතය | Kneel before Authority Babylon !

නූතන ලෝකය විසින් ක්‍රමයෙන් අතහරිමින් පවතින, නමුත් සංස්කෘතිය රැකීමේ නාමයෙන් අපි තවදුරටත් පවත්වාගෙන යන චාරිත්‍රයක් තමා ‘වැඳීම’ කියල කියන්නෙ. සිංහලබෞද්ධ සංස්කෘතියේ හැදුන වැඩුන බොහෝ දෙනෙක්ට වගේම බණ්ඩාටත් මේ වැඳීම කියන චාරිත්‍රය නුහුරු දෙයක් නෙමේ. අපේ රටේ ගොඩක් මව්වරු පියවරු සිංහල අලුත් අවුරුද්ද, උපන්දින වගේ දිනයන් වල වගේම ජීවිතයේ වැදගත්ය කියල සැලකෙන අවස්ථා වලට පිටත්වයාමට කලින් […]

සර්වබලධාරී දෙවියන් මොන වගේද? | Morality of God explained

මේ පසුගිය දිනකදී සිදුවුන සිදුවීමකි. අවුරුදු දහයකට අඩු කුඩා දැරියක් සිත් පිත් නැති නරුමයෙකු අතින් දූෂණයට ලක් වෙයි. කලක් තිස්සේ මේ අහිංසක කුඩා දරුවා දෙස ඇහැ ගහගෙනා සිටි මෘගයාගේ සැලසුම අවසනයේ සාර්ථක වේ. මුළු ජීවිත කාලය පුරාවටම වෙනස් කල නොහැකි ලෙස තැලී පෙළී ගිය සිතක් ශරීරයක් ඉතිරි කරමින්, තම සිතැඟි ඉටු කරගත් මෘගයා නිරුපද්‍රිතව නික්ම […]

“පාසැල් මාතාව” නැමැති භයානක ගැහැණියගෙන් ඔබේ අහිංසක දරුවා ප්‍රවේශම් කරගන්න | Those Happy School Days

අපේ ගෙදර ඉලෙක්ට්‍රිකල් කටයුත්තක් සම්බන්ධ අලුත් වැඩියාවකට දන්න කියන කවුරුන් හරි එවන්න කියල මම මගේ මිතුරෙකුගෙන් ඉල්ලීමක් කලේ සති කිහිපයකට උඩදි. කිහිපවතාවක් දුරකථයෙන් කතා කරලා අන්තිමේදී මගේ මිත්‍රයා කිව්වා පහුවදාට කෙනෙක් එන බව. මොකක් හරි හේතුවක් නිසා සාමාන්යයෙන් තරමක වැඩිහිටි කෙනෙක් ඔය වගේ වැඩකට එයි කියල අපේ ඔලුවෙ ඇඳිලා තිබ්බේ . නමුත් එදා උදෙන්ම මෝටර් […]

ලාංකික ජන මනසේ දිනපොත | Eyes of others; Thoughts of others

කුමාරි අක්කා බඳිනවලු. අද හවස ලොකු අම්මා ඇවිත් වෙඩින් එක කියල ගියා. උත්සවය තියෙන්නේ 24 වෙනිදා. තව සති දෙකකට පොඩ්ඩක් වැඩියෙන් කල් තියෙන්නෙ. මාසෙ මුල වුනාට පඩියෙන් බාගෙකටත් වඩා ඉවරයි. ශික් ! මෙච්චර අමාරුවෙන් රෝල ගහගෙන ගෙනියන මාසෙ අස්සට ඔහොම එකක් ආවාම මාරම අමාරුයි. ඒත් මොනව කරන්නද, නොගිහින් බැහැ. “නොගියොත් නෑදෑයෝ මොනව නොකියයිද?” අඳින්න කියල […]

මම සහ අනුන් | The Responsible Sri Lankan Citizen

සාමාන්‍යය ශ්‍රී ලාංකිකයාගේ චින්තනයට අනුව, තමා රාජකාරී කරනා ස්ථානයේ සේවකයෙක් වශයෙන් තමා අනුගමනය කල යුතු නීති රීති හැකි තරම් නොසලකා හැර තම හිතවතුන්ට ඒවා අතරින් රිංගා යෑමට උදව් කිරීම ඒ හිතවතුන් කෙරේ තම හිතවත්කම පෙන්වීමේ මාර්ගයකි. තමා කඩකරනා නීතියේ රීතියේ තරම අනුව තමාගේ හිතවතා කෙරේ ඇති හිතවත් කම වඩ වඩා පෙන්විය හැකිය. හිතවත් කම සාමාන්‍යය […]

මම බෞද්ධයෙක් නොවෙමි. නමුත්… | How not to commit intellectual Suicide

මගේ ලෝක දැක්ම වැඩියෙන්ම සමපාත වෙන්නේ බෞද්ධ දර්ශනය සමඟය. සිද්ධාර්ථ ගෞතම මා වැඩියෙන්ම ගරු කරන ආගමික නායකයාය. බෞද්ධාගම මා වැඩියෙන්ම එකඟ වෙන ආගමය. එහෙත් මම බෞද්ධයකු නොවෙමි. සිද්ධාර්ථ ගෞතම නැමති මිනිසා, බොහෝ දෙනා කියන ආකාරයට “බුද්ධත්වය” නම් තත්වයට පත් වුනාය කියා මම පිළිනොගනිමි. බුද්ධත්වය කියා තත්වයක් තිබේය කියාද මම නොසිතමි. මා සිතනා අන්දමට සිද්ධාර්ථ ගෞතම […]