කොට සායේ මහා ගැටළුව | Freedom and Sexual objectification

ප්‍රශ්න කරන්නා – ගැහැණු ළමයි කොටට අඳින එක, ඇඟ පේන්න අඳින එක වැරදියි කියලා අදහසක් තියෙනවද? කොටට අඳින එක වැරදි වෙන්නෙ කොහොමද?

අසම්මත සටහන් – වැරදියි කියල කියනවට වඩා මගෙ අදහස හරියටම කියවෙන්නෙ ‘ඒක අධෛර්‍යමත් කරන්න ඕන හැසිරීමක්’ කියල කිව්වොත්. ඒකයි මගෙ මතය.

ප්‍රශ්න කරන්නා – එහෙම කියන්න හේතුව මොකක්ද?

අසම්මත සටහන් – දැන් කාලයේ කාන්තාව කියන කෙනාව සෙක්ෂුවල් ඔබ්ජෙක්ට් එකක් බවට පත් කරල තියෙන්නෙ. ඒකට මම එකඟ නැහැ.

ප්‍රශ්න කරන්නා – සෙක්ෂුවල් ඔබ්ජෙක්ට් එකක් කරනවා කියන්නේ මොකක්ද?

අසම්මත සටහන් – ඒ කියන්නෙ මනුස්සයෙක්ව මනුස්සයෙක් විදියට දකිනවා වෙනුවට ඒ මනුස්සයා ‘ලිංගික ආශ්වාදය ලබා දෙන මෙවලමක්’ විදියට සලකන එක. මනුස්සයෙක්ගේ වටිනාකම තීරණය කරන එකම සාධකය/ප්‍රධානතම සාධකයක් විදියට ඒ මනුස්සයාගේ ශරීරය සලකන එක. තවත් පැහැදිළි කලොත් ප්‍රතිවිරුද්ධ ලිංගිකයා තුල ඒ මනුස්සයා ඇති කරන ලිංගික ආශ්වාදයේ තරම මත මනුස්සයෙක්ගේ වැදගත්කම තීරණය කරන එක. ඔය වගේ අදහසක් තමා ඔය වචනයේ තියෙන්නෙ.

ප්‍රශ්න කරන්නා – ඉතින් ඒකෙයි කොටට අඳිනවා වගේ එකකයි තියෙන සම්බන්ධෙ මොකක්ද?

අසම්මත සටහන් – තමාගේ වටිනාකම තීරණය කරන ප්‍රධානතම සාධකය විදියට තමා අන් අය මත ඇති කරන ලිංගික ආශ්වාදයේ තරම කියන එක සමාජීය සම්මතය වුනාම කාන්තාවන් ඒ සම්මතය තුල සාර්ථක වීම තුළින් වටිනාකමක් ඇති කරගන්න උත්සාහ කරනවා. ඒ අනුව තමා තමාව ලිංගික මෙවලමක් විදියට හඳුන්වා දෙන්න/ඉදිරිපත් කරන්න කාන්තාව පෙළඹෙන්නෙ.

ප්‍රශ්න කරන්නා – කවුරුත් ගෑණුන්ට කියන්නෙ නෑනෙ තොපි කොටට ඇඳපියව් කියලා. ඒක ගෑණුන්ගේ තීරණයනෙ. උන්ගේ නිදහසනෙ.

අසම්මත සටහන් – ඒ අයගේ නිදහස කියන එක එකෙන්ම පිළිගන්නවා. ඕනම කෙනෙක්ට කොටට බැයි නම් ඕනම විදියකට අඳින්න, තමාව හඳුන්වා දෙන්න අයිතියක් තියෙනවා. මෙතන කරන්නේ ඒ අයිතිය අභියෝගයට ලක් කිරීම වත්, ඒ හැසිරීම තහනම් කරන්න උත්සාහ කරන එකවත් නෙමේ. මම කරන්න උත්සාහ කරන්නේ ඒ හැසිරීම පදනම් වෙච්චි හේතු සහ ඒ හැසිරීමේ හොඳ නරක ගැන කතිකාවතක් ගොඩ නඟන්න උත්සාහ කිරීමක්.

ප්‍රශ්න කරන්නා – ප්‍රශ්නෙ අන්තිම ටිකටනෙ උත්තර දුන්නෙ. මුල් ටිකට උත්තරේ කෝ? ඒ ටික මඟ ඇරියේ උත්තර නැති නිසාද?

අසම්මත සටහන් – කාන්තාවන්ට කොටට අඳින්න කියල කවුරුත් කියන්නෙ නෑ කියන කතාවනෙ ඔය අහන්නෙ. මෙහෙමයි, ඕනම සමාජයක කාන්තාවගේ අනන්‍යතාවය සහ කාන්තාවගෙන් ඉටු විය යුතු භූමිකාව ගැන නිර්ණායක පනවනවා. මේක කාන්තාවට පමණක් නෙමෙයි පිරිමියාටත් අදාලයි. දැන් වෙලා තියෙන්නේ වෙළඳ දැන්වීම්, ප්‍රචාරක ආයතන, මාධ්‍යය, චිත්‍රපට සහ සංගීත කලාව වගේ ක්ෂේත්‍ර තුලින් ගැහැණියව අසීමිත ලෙස සෙක්ෂුවලි ඔබ්ජෙටිෆයි කරනවා. ඊට අමතරව කාන්තාවගේ ‘අයිඩියල් බොඩි ඉමේජ්’ එක කියල එකක් මවල පෙන්නනවා. තමාගේ බොඩි ඉමේජ් එක මේන්ටේන් කරන එකම රාජකාරිය කරගත්ත නිළියන් සහ නිරූපිකාවන් යොදාගෙනයි මේ සෙක්සි ලස්සන කෙල්ල කියන ස්ටෑන්ඩර්ඩ් එක හදන්නෙ.

ප්‍රශ්න කරන්නා – ඉතින්?

අසම්මත සටහන් – ඉතින් නිළියෝ, නිරූපිකාවේ අයිඩල්ස් ලා වෙච්චි සමාජයක හැම කොල්ලෙක්ම හොයන්න පෙළඹෙනවා ඒ නිළියන්ට සමාන හරි ළඟින් යන හරි ෆිගර් එකක් තියෙන කෙල්ලක්. හැම කෙල්ලෙක්ම තමාගේ ස්ටෑන්ඩර්ඩ් එක ඒ අනුව හදාගෙන විරුද්ධ ලිංගිකයන් ඉදිරියේ වටිනාකමක් හදාගන්න ඒ අයිඩියල් බොඩි එක හිමි කරගන්න හදනවා.

ප්‍රශ්න කරන්නා – ඉතින් එහෙමයි කියල කොටට අඳින්නේ මොකටද?

අසම්මත සටහන් – ඒක තමයි කියෙන්නෙ මේ. පියයුරු, කකුල්, කලවා, හමේ පාට වගේ ශරීරාංග සෙක්ෂුවලයිස් වෙලා තියෙන සමාජයක තමා ඒවා ඉලිප්පෙන/නිරාවරණය වන විදියට තියෙන එක මැජික් එකක් වෙන්නේ. උදාහරණයකට මීට දශක ගාණකට කලින් ලංකාවේ මිනිගවුම් අඳින එක සාමාන්‍යය දෙයක්. ඒකට කාටවත් පක්ෂ වෙන්නවත් විරුද්ධ වෙන්නවත් දෙයක් තිබුනේ නෑ. නමුත් පස්සෙ වෙච්චි මේ වෙනස එක්ක තමා ගෑණු කකුල් මැජික් වුනේ. ඒක හංගන්න ඕන දෙයක් වුනෙත්, ඒක පෙන්නලා ලකුණු දාගන්න දෙයක් වුනෙත් ඕවා සෙක්ෂුවලයිස් වුනයින් පස්සෙ. පස්ස හිරවෙන්න කලිසම් ඇඳගෙන තන් දෙක හිර වෙන්න බ්ලවුස් ඇඳගෙන.. ඇඟේ ඇඳුම් තිබ්බට ඇඳුම් නෑ වගේ පේන තරමට ශරීරයේ හැඩය පෙන්වන ඇඳුම් අඳින්න කාන්තාවන් පෙළඹිලා ඉන්නේ නිකන්ද?

ප්‍රශ්න කරන්නා – කෙනෙක්ට කියන්න පුළුවන් මම එහෙම අඳින්නේ මගේ කැමැත්ත නිසාය.. ඒක මගේ පුද්ගලික තීරණයක්ය.. ඒ නිදහස නැති කරන්න හදන බණ්ඩා තලෙයිබාන් කාරයෙක්ය කියල

අසම්මත සටහන් – මම ඒ නිදහස නැති කරන්න හදනව නම් මම තලෙයිබාන් කාරයෙක් තමා. නමුත් මම කලිනුත් කිව්වනේ. මම නිදහසට අභියෝග කරන්නෙ නෑනෙ. මම කරන්නේ ආකල්ප ප්‍රශ්න කිරීමක් විතරයි.

ප්‍රශ්න කරන්නා – උඹ කියන්නේ ගෑණුන්ට කල්පනා කරල බලලා තමාට සුදුසු ඇඳුම තීරණය කරන්න දැනුමක් නෑ කියලද? එහෙම තීරණයක් ගන්න ගෑණුන්ට නිදහසක් නෑ කියලද?

අසම්මත සටහන් – මට මේක කියන්න. කාන්තාවන් බුර්කා වලින් ඇඟ වසා ගෙන සිටිය යුතුය කියන අදහස නෝම් එක වෙච්ච සමාජයකට ගිහින් “ඕක ඔහොම නෙමේ. උඹල ඔහොම අඳින්න ඕන නැහැ. හැම පිරිමියෙක්ම උඹලව දූෂණය කරන්න බලාගෙන ඉන්නෙ නැහැ” කියල මම කිව්වොත් මම ඒ කියන එකෙන් ඒ කාන්තාවන්ගේ නිදහස නැතුව යනවද? බුර්කාව ඇඳගෙන හිටියෙ නැත්නම් පිරිමි තමාව දැක්ක ගමන් දූෂණය කරයි වගේ ආකල්පයක් සමාජ සම්මුතිය වෙලා තියෙන සමාජයක කැමැත්තෙන් බුර්කාව අඳින කාන්තාවකගේ ඒ ‘බුර්කාව අඳින්න කියල ගන්න තීරණයේ නිදහස’ ගැන ඔයා මොකද හිතන්නෙ?

ප්‍රශ්න කරන්නා – උඹ පිරිමියෙක්. උඹ ආස නෑ කියල ගෑණු කොටට අදින්නෙ නැතුව ඉන්න ඕනද? උඹට ඕන විදියටද ගෑණු ඇඳුම් අඳින්න ඕන?

අසම්මත සටහන් – මෙතන කතාව මම ආස දේ නැති දේ නෙමේ. මම පිරිමියෙක්ද ගෑණියෙක්ද කියන එකත් නෙමේ. මගේ පොයින්ට් එකම ඕකම තමා. පිරිමින්ට ඕන විදියට උන්ගේ ආශ්වාදය ලබා දීලා ඒ තුළින් වැදගත්කමක් ලබා ගන්න ඇඳුම් අඳින්න ඕන නැතිය කියන එකම තමයි මම කියන්නේ. එහෙම කරන්න කැමති කෙනෙක් ඉන්නව නම් අවුලක් නෑ. ඒක එයාගේ නිදහස. මම කියන්නේ ඒ විදියේ චින්තනයක් මනුස්ස සංහතියේ ඉදිරියට සුභදායක නැහැ කියල.

ප්‍රශ්න කරන්නා – ඒ ඇයි?

අසම්මත සටහන් – එක අන්තයක් තියෙනවා ආගම සහ යල් පැනගිය සංස්කෘතික ආකල්ප මත පදනම් වෙලා ගැහැණියව ගෝනි අස්සේ හංගලා තියලා අවශ්ය වෙලාවට පාවිච්චියට අරගෙන ආයෙ හැංගිය යුතු ලිංගික බඩුවක් කියල කියන. තවත් අන්තයක් තියෙනවා ගැහැණිය කියන්නේ පිරිමියාගේ ලිංගික සන්තර්පනය පිණිසම ඉන්න, පිරිමියාගේ ලිංගික ආශාව ඉෂ්ඨ කිරීමටම ඉන්න ලිංගික බඩුවක්ය කියලා කියන. ඔය දෙපිරිසටම තියෙන්නේ ලිංගිකත්වය එක්ක ඔබ්සෙෂන් එකක්. මම කියන්නේ මේ අන්ත දෙකම අවුල්. මැද මාවත තමා සුභදායක කියලා. ලිංගිකත්වය කියන්නේ මනුස්ස ජීවිතයේ කොටසක් විතරයි. ඒක හංගලා තියන්න කුණුහරපයක්වත්, උත්කර්ෂයට නංවන්න තරම් මැජික් එකක්වත් නෙමේ. ඔය අන්ත දෙකම මම ප්‍රතික්ෂේප කරනවා. කාන්තාවටත් මනුස්සයෙක් විදියටයි සලකන්න ඕන. (ලිංගික හෝ සංස්කෘතික) බඩුවක් විදියට නෙමේ…

ප්‍රශ්න කරන්නා – උන්ට හොඳ නම් උඹට පුකද වගේ ප්‍රශ්නයක් ඇහැව්වොත්.

අසම්මත සටහන් – ප්‍රශ්නයක්ම නෑ. අපි හැමෝම කතා කරන්නේ යහපත් සමාජයක් උදෙසා අපේ අදහස් ගැන. උදාහරණයකට ඉස්ලාමීය අන්තවාදීන් හිතනවා යහපත් සමාජයක කාන්තාවන් ඉන්න ඕන ගෝනි පොරවගෙන කියලා. ඒක ඒ අයගේ අදහස. සිංහල බෞද්ධයෝ සමහරු හිතනවා කාන්න්තාව කියන්නේ ‘අම්මා’ කියන භූමිකාව රඟපාන්නම ඉපදුන පිරිසක්ය, ඒකට පිටුපාල යන අය වේසියෝය කියලා. ඒක ඒ අයගේ යහපත් සමාජය ගැන ආකල්පය. සමහරු කියනවා මනුස්ස සංහතියෙන් අඩක් වෙච්චි කාන්තාවන්ව ලිංගික මෙවලම් විදියට උත්කර්ෂවත් කරන එක කමක් නැතිය, ඒ තුළින් වඩා යහපත් සමාජයක් ගොඬනැගිය හැකිය කියල. ඒක ඒ අයගේ ආකල්පය. ඔහොම ගියොත් නවතින්නේ අර ඇමරිකාවේ Girls Gone Wild සීරීස් එකේ වෙච්චි දේ සමාජයට වෙලා තමා. ඒක තමා ඕකේ අන්තය.

ප්‍රශ්න කරන්නා – Girls Gone Wild? ඒ මොකක්ද?

අසම්මත සටහන් – ඒ ඇමරිකාවේ කරපු රියැලටි කතා මාලාවක්. එතන වෙන්නේ නව යොවුන් වයසේ තරුණ තරුණියන්ගේ සාද වලට ගිහින් කැමරා කණ්ඩායමක් එහි ඉන්න නව යොවුන් තරුණියන්ට (අවුරුදු 16-20 වගේ) කැමරාව ඉදිරියේ නිරුවත් වෙන්න, එකිනෙකා සමඟ ලිංගිකව හැසිරෙන්න ආරධනා කිරීමක්. බොහෝ තරුණියන් කැමරාව ඉද්රියේ නිරුවත් වෙන්නත්, ලිංගිකව හැසිරෙන්නත් කිසිම පැකිලීමක් දක්වන්නේ නෑ. ලිංගිකත්වය උත්කර්ෂවත් කරන සමාජයක් බොහෝ විට ඔතනින් නොනැවතී මොන අන්තයට යයිද කියන්න බෑ. මම එහෙම සමාජයක් නෙමේ මිනිස්සු විදියට ජීවත් වෙන්න හොඳම සමාජයක් විදියට දකින්නේ. කලිනුත් කිව්වා වගේ ලිංගිකත්වය කියන්නේ හංගන්න තරම් කුණුහරපයක්වත්, උත්කර්ෂවත් කරන්න තරම් මැජික් එකක් නෙමේ. ඔය දෙකම අන්තයන් දෙකක්.

ප්‍රශ්න කරන්නා – උඹයි තලෙයිබාන් කාරයෙක්ගෙයි, නැත්නම් උඹෙයි සිංහල බෞද්ධයෙක්ගෙයි වෙනසක් නෑනෙ

අසම්මත සටහන් – මම කරන්නේ යහපත් සමාජයක් සඳහා යෝජනාවක්. මම යෝජනා කරන්නේ ශරීරයෙන් ලබා දෙන ලිංගික උද්දීපනයම කාන්තාවන් (හෝ පුරුෂයන්) මැනීමේ මූලික නිර්ණායකය කරගන්නවා වෙනුවට හැකියාවන්, පෞරෂය, ගතිගුණ මත මනුස්සයෙක්ට වටිනාකම් ලබා දෙන සමාජ ආකල්පයක්. මම එතනදි ඒක කරන්නේ යෝජනාවක් විදියට විතරයි. අන්තවාදීන් වගේ අපහාස කිරීම්, පාලනය කිරීම් වගේ දේවල් වලින් මම කාගේවත් නිදහසට කෙළවන්න යන්නේ නෑ. බාර ගැනීම ප්‍රතික්ශේප කිරීම ඔබට බාරයි.

ප්‍රශ්න කරන්නා – තව මොනව හරි කියන්න තියෙනවද?

අසම්මත සටහන් – ඔය ස්ටෑන්ඩර්ඩ් එක නිසා ඔය ස්ටෑන්ඩර්ඩ් එකට ඉන්න බැරි වෙන අය ඉච්ඡාභංගත්වයට ලක් වෙනවා, අධික ලෙස කෑම පාලනය කරන්න ගිහින් නැති ලෙඩ හදාගන්නවා. ආත්ම විශ්වාසය නැතුව යනවා… නිරෝගී ප්‍රසන්න සිත්ගන්නා සුළු මනුස්සයෙක් වෙන්න ෆ්ලැට් බඩක්වත්, ජෙනිෆර් ලෝපෙස් වගේ ඇඟක්වත් ඕන නැහැ.

ප්‍රශ්න කරන්නා – එච්චරද?

අසම්මත සටහන් – එච්චරයි කියල හිතනවා. දැන් ඇති.. ආ… මේ ගැන ටිකක් සීරියස් විදියට බ්ලොග් ලියපු කාලේ මමයි මාලන් සමරවික්‍රමයි එකතු වෙලා ලියපු බ්ලොග් පෝස්ට් එකක ලින්ක් එකක් පළවෙනි කමෙන්ට් එකේ ඇති. මේ ගැන වැඩිදුර දැනගන්න ඕන නම් ඒ ලින්ක් එක කියවන්න. විස්තරාත්මකව පැහැදිළි කරල ඇති.

ප්‍රශ්න කරන්නා – දැන් මම අහන ප්‍රශ්නත් ලියන්නේ බණ්ඩා වන ඔයාමනේ. ඔහොම තමාම ලියාගෙන තමාටම උත්තර දෙන්න ඕනම එකෙක්ට පුලුවන්නෙ..

අසම්මත සටහන් – මම මේ ෆෝමැට් එකට පෝස්ට් එක ලිව්වේ මේ මාතෘකාව ගැන කතා කරද්දි බුකියෙ හිතවතුන් නඟපු ප්‍රශ්න වලට උත්තර දීමක් විදියට. ඔයා අහන ප්‍රශ්න මමම ලිව්වට, ඇත්තටම ඒවා මගෙ මතයට අභියෝග විදියට වෙනත් අය ගෙනාපු ප්‍රශ්නමයි.

Advertisements

8 thoughts on “කොට සායේ මහා ගැටළුව | Freedom and Sexual objectification

  1. //උදාහරණයකට මීට දශක ගාණකට කලින් ලංකාවේ මිනිගවුම් අඳින එක සාමාන්‍යය දෙයක්. ඒකට කාටවත් පක්ෂ වෙන්නවත් විරුද්ධ වෙන්නවත් දෙයක් තිබුනේ නෑ. // එහෙමද? ඒ කාලේ අපේ පුංචි අම්මා නම් මිනි ගවුම බෑග් එකේ දාගෙන ටවුමේ යාළුවෙකුගේ ගෙදරට ගිහින් ලූ ඒකට මාරුවෙන්නේ. සීයගේ යාළුවෙක් ඔත්තුව කනේ තිබ්බට පස්සේ පුංචි අම්මගේ ටෙක් කෝස් එක අහවර වුනාලු. ඔබේ මේ ප්‍රකාශය ලංකාවටම සාධාරනීය කිරීම සාධාරන නෑ වගේ.

    Like

    • මට ඒ කාලේ ගැන ලොකු දැනුමක් නැහැ. මම මේ කතාව කිව්වේ, මීට කාලයකට කලින් මුහුණු පොතේ ගිය සංවාදයක් පදනම් කරගෙන. එතනදි සංවාදය ඇදුනේ, ඇයි හැට හැත්තෑ ගනන් වල මිනි ගවුම් ඇඳීම දැන් තරම් ප්‍රශ්නයක් නොවුනේ කියන එක. කොහොම හරි, ඒ කාලෙත් ඔයා කියනවා වගේ නම්, මගේ පොයින්ට් එක ගේන්න වෙනත් උදාහරණයක් ගන්න විතරයි තියෙන්නෙ.

      හිතන්න Nudists ලා අතර නිරුවත ප්‍රශ්නයක් නොවෙන්නේ ඇයි කියලා. Nudist ලා අතර කාන්තාවන් සහ පිරිමින් ඉන්නේ සම්පූර්ණයෙන්ම නිරුවත්ව. නමුත් එතනදි අනෙකාගේ නිරුවත කිසිවකුට ලිංගික උද්දීපනයක් ලබා දෙන්නේ නෑ. මොකද ඔවුන් අතර නිරුවත සෙක්ෂුවලයිස් වෙලා නැති නිසා. ඒ වගේම තමා සමහර සංස්කෘතීන් වල කාන්තාවන් උඩුකය නිරුවත්ව ඉන්නවා. එතනදි ඒක අමුතු දෙයක් නොවේ, මොකද ඒ සංස්කෘතීන් වල කාන්තා පියයුරු සෙක්ෂුවලයිස් වෙලා නැති නිසා.

      මම කියන්නෙ කාන්තා පියයුරු හෝ නිරුවත හෝ සෙක්ෂුවලයිස් නොවිය යුතුයි කියල නෙමෙයි. මම එතනදි පැහැදිලි කරන්න උත්සාහ කලේ, වර්තමානයේ කාන්තා සිරුර ඉතා දැඩිව සෙක්ශුවලයිස් කරන්නත්, ඒ හරහා එයට අසාමාන්‍යය දැඩි ඉල්ලුමක් ලබා දෙන්නත් මාර්කට් එක ක්‍රියාකරන අන්දම පැහැදිලි කරන්නයි.

      Like

  2. දෙමළ ගෑණු නළලේ තිලක තැබීම ගැන ඔයාගේ අදහස මොකක්ද?
    මමනම් හිතන්නේ එය ඔවුන්ගේ අයිතියක්. ඒ වුනාට ඒක අගය කරන්න අවශ්‍ය දෙයක් නෙමෙයි. එය නින්දාවට ලක්කල යුතු චර්යාවක්. උදාහරනයක් හැටියට ජර්මානුවෙක් නාසි සංකේතයක් පච්ච කොටාගෙන ඉන්නවානම් එයා පහත් කෙනෙක් හැටියට සලකනවා. ඒ වගේම ලංකාව තුල දෙමළ ගෝත්‍රික සංකේත ප්‍රදර්ශණය කරන අය නින්දාවට පැමිණවිය යුතුයි.

    Liked by 1 person

    • නළලේ තිලක තැබීම කියන සංකේතය හරහා නිරූපනය කරන්නේ මොකක්ද කියන කාරණය මත නේද ඕක පදනම් වෙන්නෙ? ස්වස්තිකය පච්ච් කොටාගෙන ඉඳීම ප්‍රශ්නයක් විදියට ගනන් ගැනෙන්නෙ ඒ සංකේතය හරහා යම් දෘෂ්ඨිවාදයක් නිරූපනය කරන නිසානෙ. තිලකය භාවිතා වෙන්නේ සාරිය, සරම, ඔසරිය වගේ සංස්කෘතික අංගයක් විදියට නම්, ඒකේ ප්‍රශ්නයක් නෑ. නමුත් ඊට වෙනස් තිලකය හරහා වෙන යම් මිත්‍යාවක් වැනි අදහසක් ඉස්මතු කෙරෙනවා නම්. එතකොට ඒ මිත්‍යාව ප්‍රශ්න කොට හෙළිකිරීම සාධාරණයි (උදා- ඇස් වහ කටවහ වදිනවා කියලා කුඩා බිළිඳුන්ට තිලක තැබීම).

      ඒ කොහොම වුනත් ඔය මොන දේ කලත් ඒ කරන මිනිස්සුන්ට නින්දාවට පත් කිරීම නෙමේ කල යුත්තේ. ඒ දෙය ප්‍රශ්න කිරීම සහ ඒ අදහස් උපහාසයට ලක් කිරීමයි. මිනිස්සු ඉලක්ක කරලා නින්දා කරන එක සුදුසු නැහැ.

      Liked by 1 person

  3. ජගත්, මම හිතන්නෙ කවුරු හෝ වාර්ගික අනන්‍යතාවයන් ප්‍රදර්ශනය කිරීම හෝ නොකිරීම නින්දා කලයුතු දෙයක් නෙමෙයි, එය නිසා අන්‍යයන් අපහසුතාවයට පත් කිරීමේ අදහසක් නැත්නම්. බහුතරයකට තමාගේ යම් අනන්‍යතාවයන් වැදගත් ලෙස දැනීම හා එය ඉස්මතු කිරීමට තැත් කිරීම සාමාන්‍ය දෙයක් නේද? එවැනි දේ ප්‍රශ්න හැටියට ගන්නේ තමාගේ අනන්‍යතාවයන්ට දැඩිව එල්බගත් සහ එවා උලුප්පා දැක්මවීමට කැමති නමුත් තමන් වැනිම තවත් එකෙකුගේ අනන්‍යතාවයන් ඇහේ ඇනෙන කටු අත්තක් ලෙස දැකීම නිසා නේද?

    Like

    • මම කිව්වේ දෙමළ ජාතිවාදියට එක නීතියකුත් නාසිවාදියට තව නීතියකුත් කිබිය යුතු නෑ කියලයි.

      Like

    • මටනම් පිරිමියෙක් හැටියට හිතුවොත්ි නළලේ තිලකයක් තැබීම කාන්තාවන්ගෙන් 95%කටම සුන්දරත්වයක් ඇතිකරන බව පෙනෙන්නේ නෑ. මමනම් තිලකය තැබූවිට කැතට පෙනෙන කාන්තාවක් දුටුවිට
      “ඔ්ක කැතයි ඔ්යි”
      කියන්න මැලිවෙන්නේ නෑ

      Like

ප්‍රතිචාර සඳහා:

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s