ආදරය නිසා ජීවිතය විහින් අපායක් කරගැනීම | Turning Your love life to a living Hell

අරවින්ද, තවත් එක් කාර්යබහුල දවසක සිය වැඩපල හමාර කොට විඩාව මැදින් සිය ඔරලෝසුව දෙස බලයි. “වෙලා නම් තියෙනවා. යනවද නැද්ද? යනවද නැද්ද?” ඔහු සිටින්නේ දෙගෙඩියාවෙනි. තම සහකාරියගේ මිතුරියගේ විවාහ මංගල උත්සවයයි, අද. එදින උදයේ වැඩට පිටත් වීමට කලින් බලාපොරොත්තු වූ ලෙසම ඇයගේ බලකිරීමය. “වැඩ ඇරිලා අනිවාර්යෙන්ම එන්න. පුළුවන් නම්, මහන්සි නැත්නම්, ඔයා අකමැති නැත්නම්…” ඇයගේ […]

බුදුන් මැරීම | Killing The Buddha

“ඔබ යන මාවතේදී ඔබට බුදුන්ව හමුවුවහොත්, ඔහුව මරා දමන්න” මෙය ප්‍රකට කියමනකි. සෙන් දහමේ Linji Yixuan නැමති පඬිවරයෙක් ඉගැන්වූවා යයි සැලකෙන සංකේතාත්මක ප්‍රකාශයකි. නොයෙක් පුද්ගලයින් වෙනස් ආකාරයෙන් අර්ථ දැක්වුවද, මගේ අදහස අනුව මින් කියවෙන්නේ විමුක්තිය සොයා යන ගමනේ අතර මඟ බුදුන් නැමති ප්‍රතිරූපය ඔබට හමුවුනොත්, තමාගේ ගමනට බාධාවක් කර නොගෙන එයද අත හැර දැමිය යුතු […]

ඩිවෝස් එක හෙට නෙමේ අද | Unhappy Married Life

“පුතේ, පවුල් ජීවිතේ කියන්නෙම ප්‍රශ්න තමා.කවදාවත් විසඳෙන්නෙ නැති ප්‍රශ්න තියෙද්දිත්දිගටම එකට ඉන්න එකයි පවුල් ජීවිතේ කියන්නෙ” ….ගොඩක් වැඩිහිටියො අපට කියන කතාව ඕක. ගොඩක් දෙනා හිතන් ඉන්න විදියට කොච්චර ප්‍රශ්න ආවත් එකට ඉන්න එකයි වැඩේ.මැරෙන කල් වෙන් නොවී එකට ඉන්න පුළුවන් නම් ඊට වඩා දෙයක් නැහැ.අපේ ආච්චිල සීයල, අම්මල තාත්තල, ඒ කියන්නෙ අපේ වැඩිහිටි පරපුර තම […]

ආදරයෙන් හැමිනෙමු | Making Love in Sinhalese

ඉංග්‍රීසි භාෂාවේ එන “I slept with him/her” කියන අදහසට සමපාත වෙන කියමනක් විදියට සිංහලෙන් “මම ඇය/ඔහු එක්ක නිදාගත්තා” කියන යෙදුම තිබුනට ඉංග්‍රීසි භාෂාවේ එන “making love” කියන අදහසට හරියටම සමපාත වෙන සිංහල යෙදුමක් භාවිතයේ නැහැ. එකම විදියේ ක්‍රියාවක් හා සම්බන්ධව කතා කරනවා වගේ පෙනුනට I slept with him/her කියන එකෙයි I spent the night with […]

සුමඩුර ඩර්ම දේශනා ! | Come and be Enlightened

“අහවල් හාමුදුරුවන්ගේ සුමදුර ධර්ම දේශනාව අහන්න අහවල් දවසේ අහවල් පන්සලට අහවල් වෙලාවට එන්න”ගේ ඉස්සරහා තාප්පේ පෝස්ටරයක් අලවලාය. සුමදුර විදියට බණ කියන්නේ කොහොමද? පෝස්ටරය දුටු සැනින් බණ්ඩාට සිතුනේය. බුදුන්වහන්සේ දේශනා කල, සමස්ථයක් වශයෙන් ගත් කල පැවැත්ම දෙස සෘණාත්මකව බලන්නට උගන්වන දර්ශනයක් සුමදුර විදියට දෙසන්නේ කොහොමද? චතුරාර්ය සත්‍යය තාලෙට ගය ගයා නට නටා කියනවාවත්ද? එකත් අතකට සුමදුර […]

ඩනින්-කෲගර් නැමියාව | Dunning–Kruger effect

මම සිරස සුපර්ස්ටාර් පළවෙනි සීසන් එක බැලුවේ තරඟ කරන්න එන තරඟකරුවන්ගේ ගායන හැකියා වලින් තෘප්තියක් ලැබීමේ අරමුණින් විතරක්ම නෙමෙයි. ඉතා විශේෂ ගායන හැකියාවකින් යුත් තරඟකරුවන් වගේම සාමාන්‍යයෙන් මිහිරි ලෙස ගායනා කරන්න හැකියාවකින් යුත් තරඟකරුවන්ටත් අමතරව තව පිරිසක් හිටියා වැඩසටහන නරඹන්නන්ට මහත් විනෝදාශ්වාදයක් ලබල දීපු. ඒ තමා සින්දුවක් කියනවා තියා හිතන්නවත් බැරි, මලාට යකෙක්ටවත් අහන් ඉන්න […]

කොට සායේ මහා ගැටළුව | Freedom and Sexual objectification

ප්‍රශ්න කරන්නා – ගැහැණු ළමයි කොටට අඳින එක, ඇඟ පේන්න අඳින එක වැරදියි කියලා අදහසක් තියෙනවද? කොටට අඳින එක වැරදි වෙන්නෙ කොහොමද? අසම්මත සටහන් – වැරදියි කියල කියනවට වඩා මගෙ අදහස හරියටම කියවෙන්නෙ ‘ඒක අධෛර්‍යමත් කරන්න ඕන හැසිරීමක්’ කියල කිව්වොත්. ඒකයි මගෙ මතය. ප්‍රශ්න කරන්නා – එහෙම කියන්න හේතුව මොකක්ද? අසම්මත සටහන් – දැන් කාලයේ […]