ෆැෂන් එකට ශොපින් යාම

ප්‍රශ්නය – මට කල්පනා වෙනවා ඔබ කිව්ව යමක්.. මේ ගැන ඔබ ලියලත් තියෙනවා.. ප්‍රජාතන්ත්‍රවාදය ගැන අප කතා කරමින් ඉන්න කාරණයට සම්බන්ධ දෙයක්.. ඔබ සඳහන් කරල තියෙනවා මෙහෙම… තරුණ ගැහැණු ළමයින් තමන්ට විවේක වේලාවක් හම්බෙන සෙනසුරාදා හවස වගේ වෙලාවල් වල ෂොපින් මෝල් වල ඇවිදින්න කැමතියි පුස්තකාලයක් වගේ තැනකට යනවට වඩා කියල.. මම හිතනවා මේ කාරණය සිත්ගන්නාසුළු දෙයක් කියල. මොකද බොහෝමයක් මිනිස්සු.. මමත් ඇතුළුව.. අපේ හදවතේ ගැඹුරුම තැනින් කල්පනා කරල බැලුවම.. “අපිට ඇත්තටම ඕන”… බඩු භාණ්ඩ වලින් සපිරුනු සැපවත් බවක් අපට ලබා ගන්නය කියලයි මට හිතෙන්නෙ.. අනිත් හැමදෙයකටම වඩා අපිට ඇත්තටම ඕන ඒ දෙය කියන එකයි මගෙ අදහස… ඇත්ත..අපිට පුලුවන් ආයාසයක් දරල, බලෙන් වගේ පුස්තකාලයට යන්න.. අපට පුලුවන් ආයාසයක් දරල බලෙන් වගේ ඡන්දය පාවිච්චි කරන්න… අපට පුලුවන් බලෙන් වගේ වැඩට යන්න.. එහෙම නැත්නම් අසනීපයෙන් ඉන්න යාලුවෙක් බලන්න යන්න.. එහෙම නැත්නම් කරදරයක වැටිල ඉන්න කෙනෙක්ට සැනසිලිදායක වචනයක් කියන්න.. ඒ මොනවා කලත් අපිට ඇත්තටම ඕන……. ඉතාම ලොකු හොඳ සැපපහසු සෝෆාවක ඉඳගෙන, ලොකු ටෙලිවිෂන් සෙට් එකකින් ලස්සන වින්දනාත්මක වැඩසටහනක් බලන අතරේ… සමහර විට කවුරු හරි අපේ අතටම රසවත් සිසිල් බීම එකක් ගෙනත් දෙනවා නම්… මේකට නෙමේද මිනිස්සු කැමති? හැමෝම මෙහෙම නෙමෙයිද? හැමෝටම ඕන මේක නෙමෙයිද?… අපි ආත්මාර්ථකාමී… ඇත්තම කියනවා නම් බඩුභාණ්ඩ හරහා සැපපහසුව බලාපොරොත්තු වෙන.. ඒක තමා මනුස්ස ස්වභාවය.. අපේ දේශපාලන මතිමතාන්තර පවා හැදෙන්න ඔය කියන අවශ්‍යතාවය මත.. අපේ නියම ස්වභාවය ඒකයි.. මොකද ඔබ ඒ අදහස ගැන හිතන්නෙ? ඔබ එකඟ වෙනවද ඒකත් එක්ක?

***

පිළිතුර –

“..පොඩ්ඩක්වත් නැහැ. ඒ වගේම මම හිතනවා ඒක එහෙම නෙමේය කියල නිගමනය කරන්න සාක්ෂි සෑහෙන තියෙනව කියල…මෙහෙමයි, වසර සියගානකටත් වඩා වැඩි කාලයක් මුළුල්ලේ මහත් පරිශ්‍රමයක් දරමින් ප්‍රයත්නයක් දියත් වෙලා තියෙනවා.. ඇත්තටම මිනිස්සු එහෙමයි, ඇත්තටම මිනිස්සුන්ට ඕන එහෙම ජීවිතයක්ය කියන එක මිනිස්සුන්ටම ඒත්තු ගන්වන්න..

ඒකට කියන්නේ ‘ඇඩ්වර්ටයිසින්’ කර්මාන්තය කියල.. ඒක අති දැවැන්ත කර්මාන්තයක්.. ඒ කර්මාන්තය කැපවෙලා ඉන්නේ, රහසේ නෙමේ එළිපිටම.. මිනිස්සුන්ව යොමු කරන්න බාහිරට පෙන්වන දේවල් වලට.. උදාහරණ විදියට විලාසිතාවක් විදියට පරිබෝජනය කරන්න.. ජීවිතයේ අනෙක් හැම වැදගත් අංශයකින්ම ඉවතට යොමු කරලා පරිබෝජනය වෙතම මිනිස්සු යොමු කරවන්න..

මේක සරල කාරණයක් නෙමෙයි.. මේ වැඩේ කෙරෙන්නේ ඉතා විශාල අධ්‍යයනය කිරීම්, පරිශ්‍රමයක් දැරීම් වල ප්‍රතිපලයක් විදියට… උදාහරණයක් කියනවා නම්.. මීට අවුරුදු විස්සකට තිහකට කලින් ඇඩ්වර්ටයිසින් කර්මාන්තය තේරුම් ගත්තා ඔවුන්ට ළඟා වෙන්න බැරි කොටසක් ජනතාව අතර ඉන්න බව.. ඒ මොකද ඒ පිරිස අතේ මුදල් නැති නිසා.. ඒ තමා කුඩා දරුවන්..පස්සෙ ඔවුන් හොයාගත්තා මේ ප්‍රශ්නය විසඳගන්න ක්‍රමයක්.. ළමයින්ට සල්ලි නැති බව ඇත්ත.. ඒ වුනාට දෙමව්පියන්ට සල්ලි තියෙනවා.. ඉතින් අපි කරන්න ඕන පොඩි ළමයින් ඉලක්ක කරලා කුඩා ළමයින් සඳහා ළමා වැඩසටහන් නිර්මාණය කරන එක.. ඒ හරහා ළමයින්ගෙ වද කිරිල්ලෙන්.. (සභාවේ සිනා).. මේක විහිලුවක් නෙමෙයි, වචනයේ අර්ථයෙන්ම සිද්ධ වුන දෙයක්.. මේ ඇවිටිලි කිරීම කියන හැසිරීම (nagging) නිර්මාණය කරන්නම ප්‍රොපගැන්ඩා දියත් වුනා.. ඕන නම් බලන්න වර්තමානයේ ශාස්ත්‍රීක මනෝවිද්‍යාත්මක අංශ වලින් විවිධ පරීක්ෂණ පවා කරනවා එක් එක් විදියේ ඇවිටිලි වර්ග සහ ඒ හැසිරීම් වලට පොළඹවන්නේ කොහොමද කියන කාරණා ගැන..ඔබ බැලුවොත් කුඩා දරුවන් ඉලක්ක කරගෙන නිර්මාණය කරන වැඩසටහන් දිහා.. මම මේක දැකල තියෙනවා මගේ මුණුබුරන්, මිනිබිරියන් හරහා.. ඒ ළමයින්ව පොළඹනවා ඒ වැඩසටහන් සහ ඒ අතර යන වෙළඳ දැන්වීම් හරහා එක් එක් දේවල් දෙමව්පියන්ගෙන් ඉල්ලන්න.. ඇවිටිලි කරන්න… ඊට පස්සෙ දෙමව්පියො ඒක අරන් දෙනවා, දරුවා විනාඩි කීපයකට පස්සෙ ඒක විසි කරල දානවා..

ඒ වගේම අපෙත්.. අපේ ජීවිත වලත් හැම අංශයක්ම වෙන් වෙලා තියෙන්නෙ මේකට.. මමයි මගෙ බිරිඳයි මිතුරන් පිරිසක් එක්ක ගියා සති කීපයකට කලින් බේස්බෝල් තරඟයක් බලන්න.. මම දැක්කා මුළු ක්‍රීඩාංගනය පුරාම හැම අඟලක් නෑරම වැහිලා තිබුනා නොයෙකුත් ආකාරයේ වෙළඳ දැන්වීම් වලින්.. මට මතක් වුනා මම මුලින්ම බලන්න ගිය බේස්බෝල් තරඟය.. ඒ 1930දි විතර.. කිසිම වෙළඳ දැන්වීමක් තිබ්බෙ නෑ… දැන් හැම අඟලකම වෙලඳ දැන්වීම්.. හැම ටැක්සියකම..හැම තැනකම වෙළඳ දැන්වීම්… ඔබේ ජීවිතයේ හැම මිනිත්තුවක්ම ගිලිලා යටවෙලා තියෙන්නේ ඔබව, ඔබ කලින් කිව්ව විදියේ මනුස්සයෙක් බවට පත් කිරීමේ උත්සාහයකින්.. ඒකද මනුස්ස ස්වභාවය..???

මම හිතන්නෙ නෑ ඒක එහෙමය කියල.. ඉතාම සිත්ගන්නාසුළු අධ්‍යයනයක් කරල තියෙනවා 19වන ශතවර්ශය අග බ්‍රිතාන්‍යයේ වැඩකරන ජනතාවගේ ‘කියවීමේ පුරුදු’ ගැන.. ඒ වෙද්දි සාමාන්‍යය ජනතාව රදළයන්ට වඩා දැනුමින් හෙබි මිනිස්සු බවයි හෙළි වෙලා තියෙන්නෙ.. කම්මල්කරුවන් පවා තමාට මුදල් තිබේ නම් කුඩා ළමුන්ට ඔවුන් වැඩකරන අතරතුර ඔවුන්ට ඇසෙන සේ කියවීමට මුදල් ගෙවා තිබෙනවා.. 1930ගණන් වල.. මගේ පවුල නෑදෑයන් වැඩිහරියක් සංක්‍රමණිකයන් වුනත් ඔවුන් සතුව හොඳ දැනුමක් තිබුනා… ඔවුන් පාසැල් ගියේ සමහර විට හතර පහ පන්ති වලට විතරක් වුනාට ඔවුන් කියවීමේ නිරත වුනා, ඔවුන් ප්‍රසංග වලට ගියා, ක්ෂේක්පියර්ගේ නාට්‍යය බලන්න ගියා, ඔවුන් එවැනි දේ ගැන සාකච්ඡා කලා.. ඔවුන් දේශපාලනය ගැන උනන්දුවක් දැක්වුවා….

මම හිතන්නේ මේ දේවල් මිනිස්සුගේ මොළ වලින් එළියට ඇදලා දාන්න අති විශාල පරිශ්‍රමයක් දරන්න සිද්ධ වෙන්න ඇති…. මම හිතන්නෙ මිනිස්සුන්ගේ ස්වභාවය තමා ස්වාධීන වෙන්න තියෙන උවමනාව, නිර්මාණශීලී වෙන්න තියෙන උවමනාව…. සමහර විට ඔබ ඔබේ සතිඅන්තයේ ඔබේ ගරාජයේ සිට කාර් එක හදමින් කාලය ගත කරයි දවසම ටෙලිවිෂන් එක ඉස්සරහ ඉඳගෙන ඒක දිහා බලාගෙන ඉන්නවට වඩා… ඒකයි සාමාන්‍යය මිනිස් ස්වභාවය විදියට මම දකින්නෙ.. යම් අර්ථයකින් යුත්, වටිනාකමකින් යුත් දෙයක්…. සමහර විට නරක, අමාරු රස්සාවක් වුනත්.. ගල් අඟුරු ආකරයක වැඩ කරනවා වගේ… මොකද මිනිස්සුන්ට අවශ්‍යයයි තමන් තුළ ගෞරවාන්විත බවක්, වටිනාබවක්, වැදගත් බවක්…. සමාජයට වටිනා යමක් කරනවා වැනි හැඟීමක්… ඒකයි අපේ ස්වභාවය.. ඒකයි මම හිතන්නේ.. ලොකු.. අතිවිශාල ප්‍රයත්න වල ප්‍රතිපල විදියටයි… මේ දේවල් මිනිස්සුන්ගේ මොළ වලින් එළියට ඇදලා දාලා.. මේ චින්තනයන් වෙනස් කරලා දාලා තියෙන්නේ…. තමන්ට ඇත්තටම ඕනේ බඩු භාණ්ඩ ගොඩගසා ගන්නය කියල හිතන විදියට…ඔබ පොතක් පතක් කියවා තමන්ගේ දැනුම, වටිනාකම වැඩිකරගනු වෙනුවට ෂොපින් යා යුතුය කියන හැඟීම දෙන්නෙ…”

***

ප්‍රශ්නය – ඒ කියෙන්නෙ මේ විදියට… බහුතරයක් මිනිස්සුන්ව තමන්ගේ සැබෑ ස්වභාවික ස්වරූපයට වඩා කුඩා හැඩයකට සිර කරලද තියෙන්නෙ?

***

පිළිතුර –

“…කාර්මික විප්ලවයේ මුල් අවදියේ වැඩ කරන සාමාන්‍යය ජනතාවගේ පුවත්පත් සැලකිල්ලට ගත්තොත්…. ඇමරිකාවෙ ගත්තොත්.. බොහෝමයක් ලියවුනේ සාමාන්‍යය තරුණියන් අතින්… ගොවිපළවල් වල රැකියා කරපු… ඔවුන් ඔවුන්ගේම පුවත්පත් පවත්වාගෙන ගියා…. ඒවායේ අන්තර්ගතය ඉතාම සිත්ගන්නා සුළුයි.. ඔවුන්ට අවශ්‍යය වෙලා තිබුනේ ගෞරවනීය, උදාර ජීවිතයක්…. ඔවුන් කර්මාන්ත වල ව්‍යුහයට කැමති වුනේ නෑ… මොකද එය විසින් ඔවුන් සතුව ස්වාධීන මිනිසුන් ලෙස තිබුනු අයිතිවාසකම් එවිසින් විනාශ කරමින් තිබුන නිසා… තමාගේ ස්වරූපය විනාශ කරගෙන ධනය ගොඩගැසීමේ ක්‍රමය ඔවුන් ප්‍රතික්ෂේප කලා..ඒ කියන්නේ ඔබ කලින් කියූ ආකාරයේ මිනිසුන් වීමයි ඔවුන් ප්‍රතික්ෂේප කලේ.. ඔවුන් පඩියට වැඩකිරීම සහ වහල්භාවය අතර වෙනසක් දැක්කේ නැහැ.. දෙකම සමානයි කියායි ඔවුන් කීවේ…. එය රිපබ්ලිකන් පක්ෂයේ සටන් පාඨයක් විදියටත් පැවතුනා… වචනයේ අර්ථයෙන්ම… ඔබ පඩියකට වැඩ කරන මනුස්සයෙක් නම් ඔබ ඔබවම විකිණීමකට ලක් කරනවා.. ඔබ විසින් නිර්මාණය කරන ලද යමක් විකුණනවා නම් ඔබ ඔබව විකුණාගන්නේ නෑ.. නමුත් ඔබ ඔබගේ ශ්‍රමය විකුණනවා නම්, ඔබ විකුණන්නේ ඔබවමයි…. එවිට ඔබ ඔබගේ ගෞරවය සහ ස්වාධීනත්වය නැති කරගන්නවා… එය ඔබගේ මානුෂිය බවට කෙරෙන අභියෝගයක්… මේකයි ඒ යුගයේ මිනිස්සු දරපු අදහස…

අපි තේරුම් ගන්න ඕන මනුස්ස ස්වභාවය, මනුස්සයාගේ කැමැත්ත අකමැත්ත කියන කාරණා ගැන කතාකරද්දි.. ඒවා කාලයක් තිස්සේ විශාල පරිශ්‍රමයන් දැරීම තුළින් පාලනයට ලක් කරමින්, වෙනස් කිරීම් වලට ලක් කරමින් තිබෙන දේවල් බව… ටෙලිවිෂන් කර්මාන්තය ගන්න.. එතන තියෙනවා content and fill කියල සංකල්පයක්… වැඩසටහනක් ගත්තොත් content එක තමා වෙළඳ දැන්වීම් ටික…. fill කියන එක තමා ඔබ බලන වැඩ සටහන… ඒ ටික තියෙන්නේ වෙළඳ දැන්වීම් නරඹන අතර තුර මිනිස්සුන්ව සීට් එකේ ඉන්දලා තියන්න…. ඔබ ටෙලිවිෂනය බලන් හිටියොත් තේරෙයි නිර්මාණශීලී බව, මුදල් යෙදවීම ඇත්තටම වැඩි හරියක් යන්නේ වෙළඳ දැන්වීම් වලට බව, වැඩසටහනට නෙමේ.. පුවත්පත් ගත්තත් වෙනසක් නැහැ.. මිලියන සිය ගණනින් වසරකට වැය කෙරෙන වැඩක් මේක..

ආර්ථික විද්‍යාවේ මූලිකම සංකල්පයක් වන.. වෙළඳ පොළ ආර්ථිකය පදනම් විය යුත්තේ දැන උගත් පාරිබෝගිකයන් විසින් ගන්නා තාර්කික තීරණ මත කියල (informed consumers making rational choices)… අපිට උගන්වන්නේ එහෙමයි… නමුත් ටීවී එක දාලා බලන්න… වෙළඳ දැන්වීමක අන්තර්ගතය සලකලා බලන්න… ඒ අය උත්සාහ කරන්නේ තාර්කික තීරණ ගන්නා දැනුවත් පාරිබෝගිකයෙක් නිර්මාණය කරන්නද?… වෙළඳපළ ආර්ථිකයක් නම් තියෙන්නේ.. අපට දකින්න පුලුවන් වෙන්න ඕන…. හිතමු ෆෝඩ් මෝටර් කම්පැනිය කියල…. ඒක ෆෝර්ඩ් කම්පැනියෙන් කරන නිවේදනයක් වෙන්න ඕන…. මෙන්න අපේ අලුත්ම වාහනයේ ලක්ෂණ, මෙන්න උපාංග, මෙන්න පාවිච්චි කරපු අය ඒ ගැන දැක්වූ අදහස්… ඒකෙන් නිර්මාණය කෙරෙන්නේ තාර්කික තීරණ ගන්න බුද්ධිමත් දැනුවත් පාරිබෝගිකයෙක්.. නමුත් අපිට දකින්න තියෙන්නෙ එහෙම දෙයක්ද..?…….. අති විශාල පරිශ්‍රමයක් යොදමින්… දැනුමකින් තොර, අතාර්කික පාරිබෝගිකයෙක් නිර්මාණය කරන්න… මිනිස්සුන්ව වෙනස් කරන්න.. තමන්ට ඇත්තටම ඕනේ සෝෆා එකක් උඩ ඉඳගෙන දවසම ලොකු ටීවී එකක් දිහා බලාගෙන ඉන්න එකය කියල හිතන තත්වයට පත් කරන්න…

නමුත් මනුෂ්‍යයන් වශයෙන්.. ඇත්තටම ඔවුන්ට ඕනේ ඒකය කියලද ඔබ හිතන්නේ….?”

****

වොලස් ශෝන් විසින් සම්මුඛ සාකච්ඡාවකදී අසන ලද ප්‍රශ්න වලට ‘නෝම් චොම්ස්කි’ විසින් ලබා දුන් පිළිතුරු කිහිපයකි ඉහත ඇත්තේ. වචනයෙන් වචනය නොවුවද දළ අදහසක් කියවන ඔබට ලබා ගත හැකි අයුරින් සිංහලයට සැකසුවෙමි.


Advertisements

2 thoughts on “ෆැෂන් එකට ශොපින් යාම

ප්‍රතිචාර සඳහා:

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s